Cricket NewsEXCLUSIVEInternational

නවාස්ගේ ශතකය හා මොහොමඩ් හාරිස්,සල්මාන් අගාගේ සුපිරි ඉනිම් පාකිස්තානය දිනවයි

නවසීලන්තය සහ පාකිස්තානය අතර ඕක්ලන්ඩ්හි ඊඩ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (21 වැනිදා) සමත් විය. කෙසේ වුවත් මේ වන විට දෙරට අතර තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්තයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ ඕවර 16 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සහන් නවාස් පන්දු 45 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 105 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

මොහොමඩ් හාරිස් (41) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නවාස්, ඉන් නොනැවතී සල්මාන් අගා (නොදැවී 51) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 133 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩගනමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 20 කදී වාර්තා වූ හාරිස්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 31 කට මුහුණදුන් ආගා හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. පාකිස්තාන ඉනිමේ බිඳවැටුණු එකම කඩුල්ල බවට පත්වෙමින් හාරිස් දැවී ගියේ ජෙකෝබ් ඩෆීගේ පන්දුවක් හමුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 204 ක් ලබාගත් අතර නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මාක් චැප්මන් පන්දු 44 කින් ලකුණු 94 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ හාරිස් රවුෆ් සිය ඕවර 4 ලකුණු 29 කට සීමා කරගනිමින් කඩුලු 3 ක් දවාගත් අතර අබ්බාස් අෆ්රිඩි, ශහීන් අෆ්රිඩි සහ අබ්‍රාර් අහමඩ් කඩුලු 2 බැගින් බිඳහෙළමින් නවසීලන්ත පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා රවුෆ්ට අනගි සහායක් දුන්හ.

නවසීලන්තය – ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 204
(ටිම් සෙයිෆට් 19, මාක් චැප්මන් 94, ඩර්ලි මිචෙල් 17, මයිකල් බ්‍රාස්වෙල් 31, හාරිස් රවුෆ් 29/3, අබ්බාස් අෆ්රිඩි 24/2, ශහීන් අෆ්රිඩි 36/2, අබ්‍රාර් අහමඩ් 43/2)

පාකිස්තානය – ඕවර 16 කදී කඩුල්ලක් දැවී 207
(මොහොමඩ් හාරිස් 41, හසන් නවාස් නොදැවී 105, සල්මන් ආගා නොදැවී 51)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button