Cricket NewsEXCLUSIVE

දැවැන්ත 6 පහර දහයක්ද සමඟින් CPL පිටිය ගිණිකෙළි සැණෙකෙලියක් බවට පත් කරගත් නිකලොස් පූරන් මෙවර CPL තරඟාවලියේ දෙවැනි ශතකය රැස් කරයි !

Trinbago Kinght Riders හා Barbados Royals අතර පැවැති මෙවර CPL තරඟාවලියේ විසිවැනි තරඟය අද Queens Park Oval හිදී නිමාව දුටුවේ TKR ක්‍රීඩකයින්ට ලකුණු 42 ක ජයක් හිමිකරදෙමින්.

කාසියේ වාසිය දිනාගත් Barbados Royals හි ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් TKR ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 208 ක් රැස් කිරීමට සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිකලොස් පූරන් නොදැවී ලකුණු 102 ක් රැස් කලේ පන්දු 53 කට මුහුණ දෙමින්.පූරන් ගේ ශතකය හයේ පහර 10 කින් හා හතරේ පහර 5 කින් වර්ණවත් විය.

පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් කඩුලු දෙකක් බිඳ හෙලීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි Barbados Royals ක්‍රීඩකයින්ට පන්දුවාර 20 තුලදී කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

ඒ අනුව තරඟ ලකුණු 42 කින් TKR ක්‍රීඩකයින් ජයගන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button