Cricket NewsEXCLUSIVE

මිනෝද් භානුක පුහුණුවීම් අතරතුර හදිසියේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවයි.!

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (13) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කෙරුණා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් මේ සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානක වෙත ලබා දී තිබෙනවා.

මේ අතර අද දිනයේදා පුහුණුවීම් අතරතුරදී සිදුවූ අබාධයක් හේතුවෙන් සිම්බාබ්වේ පිලට එරෙහි තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය මිනෝද් භානුක හට අහිමිවී ගොස් තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මේ අනුය මිනෝද් භානුක වෙනුවට කඩුලු රකින ක්‍රිඩක නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැදවා තිබෙන අතර නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ ජෛව බුබුලේ නිතිය උල්ලංඝනය කරමින් හැසිරුනු ක්‍රිඩකයන් තිදෙනාගෙන් අයකුද වනවා.

ඔවුන්ට ලැබුනු වසර දෙකක තහනම පළමුව වසරක් දක්වා අඩු වූ අතර අනතුරුව තවත් මාස 5ක පමන කාලයක් ඉතිරිව තිබියදී අත් හිටුවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කලා.

ඒ අනුව එම ක්‍රිඩකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රිඩකයන් දෙදෙනා සිම්බාබ්වේ සමග තරඟාවලියට ඇතුලත්ව සිටිනවා.

ධනුෂ්ක ගුණතිලක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ඔහුට මේ සදහා සහබාගි වීමට අවස්ථාවක් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button