Cricket NewsEXCLUSIVEInternational

කීගාන් පීටරසන්ගේ විශිෂ්ඨ පිතිකරණය දේදුණු දේශයේ ශ්‍රී ලංකා කණ්ඩායවේ වාර්ථාව තවදුරත් සුරකියි!

Keegan Petersen 'happy' at number 3: 'I'm not fussed' | Sport

සංචාරක ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරඟ තුනක් සඳහා දේදුණු දේශය වෙත පැමිණීමත් සමඟ බොහෝ නම් දැරූ ක්‍රීඩකයන් දකුණු අප්‍රිකානු කණ්ඩායම හැරගොස් තිබෙන පසුබිමක , බොහෝ විට ටෙස්ට් තරඟාවලිය ඉන්දියාව ජයග්‍රහණය කරන බවට බොහෝ ඉන්දීය පුවත් පත් හා විචාරකයින් ඉඟි පල කර සිටියේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලිය ජයගැනීමේ අත්තිවාරම ඉන්දියාව දැමුවේ කුන්නූර් ලෝකේශ් රාහුල්ගේ සුපිරි ශතකය සමගින් පළමු ටෙස්ට් තරඟයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 113 කින් පරාජය කළේය. නම්දැරූ ඉන්දීය පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි වීමත් ඩීන් එල්ගර් යලිත් සුපිරි රිද්මයට පැමිණීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙවන තරඟය ජයගන්නට සත්කාරක දකුණු අප්‍රිකානුවන් සමත් වූයේ සංචාරක ප්‍රභල ඉන්දීයානුවන් කඩුලු හතකින් පරාජය කරමිනි.තරඟාවලිය තවදුරත් තීරණාත්මක කරමින් තරඟාවලියේ අවසන් තරඟය නිව්ලන්ඩ් හීදි අද නිමාව දුටුවේ සත්කාර දකුණු අප්‍රිකානුවන් තවදුරටත් සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව පතුරවන්නට සමත් වූ ආධිපත්‍ය තවදුරත් පතුරවමිනි.මෙහිදී විරාට් කෝලි හා රිශාබ් පාන්ට් සුපිරි දස්කම් දැක්වූ අතර දකුණු අප්‍රිකාවේ නවතම සොයාගැනීම දකුණු අප්‍රිකානු ක්‍රිකට් අනාගතයට රිදී ඉරක් බවට පරිවර්ථනය වීමට ඔහුට හැකිවිය.අවසන් තරඟයේ ජයග්‍රහණයට අඩිතාලම දමමින් කීගාන් පීටර්සන්ගේ පිත්තෙන් අර්ධ ශතක දෙකක්ද සමඟින් ලකුණු 154 ක් වාර්ථාවිය.විනිසුරු තීරණයන් පිලිබඳ බොහෝ මතබේධ ජාත්‍යන්තර මාධ්‍ය පුරාවට ඇවිලී ගිය අතර තෙවැනි තරඟයද කඩුලු 7 කින් සත්කාරක දකුණු අප්‍රිකානුවන් ජයග්‍රහණය කලේය.

තරඟාවලිය පුරාවට අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 276ක් රැස් කරන්නට සමත් වූ කීගාන් පීටර්සන් තරඟාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.දකුණු අප්‍රිකානු බිමේ තරඟාවලියක් ජයග්‍රහණය කිරීම ඉන්දියාවට තවදුරටත් සිහිනයක් කරමින් සත්කාරක දකුණු අප්‍රිකානුවන් තරඟාවලිය ජයගත්තේ තරඟ 2-1 ක් ලෙසිනි.

ඒත් සමඟින් දකුණු අප්‍රිකානු බිමේදි ටෙස්ට් තරඟාවලියක් ජයගත් ප්‍රථම හා එකම ආසියානු කණ්ඩායම වනුයේ ශ්‍රී ලංකා කණ්ඩායම ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7