Cricket NewsEXCLUSIVEIPL

“Punjab Kings කණ්ඩායමට තරඟ ජයග්‍රහණය කිරීමට අවශ්‍යනම් අනිවාර්යෙන්ම භානුක රාජපක්ෂ අංක 3 ස්ථානයේ පිතිකරණයේ යෙදිය යුතුමයි” – හිටපු ඉන්දීය ක්‍රීඩක Wasim Jaffer

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ එක් වී සිටින අතර ඔහු එහිදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරමින් මේ වන විට Punjab Kings කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවකු බවට පත්ව සිටිනවා.

Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සිව්වන, පස් වන, හය වන සහ හත් වන තරඟ වලට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියත් ඔහුට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔහු රැස් කල ඉහලම ලකුණු ගණන වුයේ ලකුණු 12. ඔහුට ලබා දුන් අවස්ථා 4දීම ඔහු අසාර්ථක වීම හේතුවෙන් අනතුරුව Chennai Super Kings තරඟයට භානුක රාජපක්ෂව නැවතත් සංචිතයට කැඳවීමට Punjab Kings කළමනාකාරිත්වය තීරණය කළා.

ඒ අනුව එම තරඟයේ දීත් සාර්ථක ඉනිමක් දියත් කරමින් Punjab Kingsකණ්ඩායමේ ජයග්‍රහණය තමන් කෙතරම් වැදගත් දැයි පෙන්වීමට භානුක රාජපක්ෂ සමත් වුනා.

මේ අතර CricTracker “Not Just Cricket” වැඩසටහනට එක් වූ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Wasim Jaffer සඳහන් කර සිටියේ Punjab Kings කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට අවශ්‍යනම් භානුක රාජපක්ෂව අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරවීම අනිවාර්ය බවයි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලස සඳහන් කර සිටියා,

“මම හිතන්නේ Punjab Kings හි ආරම්භක සබඳතාව තමයි කණ්ඩායමේ කොඳු නාරටිය. මායන්ක් සහ ශිකර්ට පවර්ප්ලේ පන්දුවාර කිහිපය නිවැරදිව කළමනාකාරී කල යුතුයි. ඔවුන් සමඟ භානුක රාජපක්ෂ සහ ලිවිංස්ටෝන් අංක 3 සහ 4. යන ස්ථානයේ පිතිකරණයේ යෙදිය යුතුයි, ඒ නිසා මේ ක්‍රීඩකයන් හතර දෙනා පන්දුවාර වලින් වැඩි ප්‍රමාණයක් පන්දුවට පහර දීමට අවශ්‍යයි,”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button