Cricket NewsEXCLUSIVEFuture Stars

තේරීම් කමිටුවට දිගින් දිගටම රතු එලි දල්වන යොවුන් දක්ෂයා – නිශාන් මධුශ්ක මෙවර තුන්දින තරඟාවලියේත් වාර්තාගත පිතිකරණයක.!

දේශීය පිටියේ දේශීය තණතීරු තුල පමණක් සාර්ථක වන ක්‍රීඩකයින් බොහෝමයක් පසුගිය වසර කිහිපයක කාලය තුලදී දක්නට ලැබුණි.ඒ හේතුවෙන් අවසන් වසර දෙකක පමණ කාලය තුලදී ශ්‍රී ලංකා A කණ්ඩායමට හා 19 න් පහළ කණ්ඩායම් වලට එංගලන්තය වැනි රටවල් තුල සිව්දින තරඟ හා එක්දින තරඟ ක්‍රීඩා කිරීමේ අවකාශය වැඩි වශයෙන් සැලසුණි.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ මේ එංගලන්ත සංචාරය අතරතුරදී කෙන්ට් ප්‍රාන්ත නිශාන් මධුශ්ක සිය පළමු ද්විතව ශතකය වාර්තා කිරීමට සමත් විය.නිශාන් පිළිබඳව විශාල කතිකාවතක් එහිදී පන්දු 392 ක් පුරාවට කෙන්ට් පන්දු යවන්නන් හට එලව එලවා පහර දුන් නිශාන් ලකුණු 269 ක් රැස් කලේය.

ඉන් අනතුරුව මෙවර අන්තර් සමාජ තුන්දින තරඟාවලියේ තරඟ වැඩි ගණනක් අවසන් වන විට ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ඔහු සමත්ව සිටිනවා.තරඟාවලිය ආරම්භයේ සිටම වාර්ථා ගත පිතිහරඹයක නියැලුණු ඔහු මේ වන විට ඉනිම් හයකදී ශතක පහක් රැස් කරගැනීමට සමත්ව තිබෙනවා.ඊට ත්‍රිත්ව ශතකයක්ද ඇතුලත්.

ඊයේ පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 125 ක් රැස් කල නිශාන් කුමාර් සංගක්කාරට හා රොමේෂ් කළුවිතාරණට පසුව පළමු පෙල ඉනිම් 6 කදී ශතක 5 ක් රැස් කල එකම ලාංකික ක්‍රීඩකයා බවට පත්විය.ඔහු මෙවර තරඟාවලියේදී රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු තරඟයේදී පළමු ඉනිමේදී ලකුණු 150 ක් හා දෙවන ඉනිමේදී ලකුණු 100 ක් රැස් කිරීමට සමත් විය.ඉන් අනතුරුව දෙවන තරඟයේදී සිය මංගල ත්‍රිත්ව ශතකය ඔහු වාර්ථා කල අතර මේ වන විට ඔහු ඉනිම් 6 කදී ලකුණු 842 ක් රැස් කරගන්නට සමත් ව තිබෙනවා.

මුල්පෙල කඩුලු රකින පිතිකරුවෙකු ලෙසින් කටයුතු කරන නිශාන් තවමත් 23 වන වියේ පසුවනවා.ලකුණු 62 ක අගනා පළමු පෙල සාමාන්‍යක් සහිත ඔහු නිසැක වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම ආකෘතිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි වසර කිහිඅපය තුලදී සිදුකරන්නට යන හොඳම ආයෝජනය වන්නටද පුලුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7