Cricket NewsEXCLUSIVE

ගමේ සැඟවුණු අනාගත ක්‍රිකට් තරු සොයා යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කරන අලුත්ම ක්‍රියාන්විතය.!

සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන “ගමන් මග ” වැඩසටහනේ ක්‍රිකට් ගමට සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේශන වැඩසටහන සැප්තැම්බර් 18 වෙනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

ගරු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් මෙම දක්ෂතා ගවේෂණය ආරම්භ වනු ඇත. මෙහි මූලික අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසැල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා ගවේශනයයි.

සමාරම්භක වැඩසටහන යටතේ , පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිකරගනිමින් ඔවුන් අතරින් දක්ෂතමයින් තෝරාගැනීම ලබන 18 වෙනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි. අනතුරුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනු ඇත.

පළමු අදියර යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත ආවරණය වන පරිදි ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන 07ක් මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කෙරෙන අතර දක්ෂතා ගවේශනයෙන් තෝරා ගන්නා සිසුන් 13න්, 15න්, 17න්, 19න්, 23න් පහල පිරිමි සහ කාන්තා වශයෙන් කණ්ඩායම් ගතකෙරේ. අනාගත ක්‍රිකට් තරු සොයා දියත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට වැඩසටහනේ පලමු අදියර පහත සඳහන් දින හා ස්ථානවලදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button