Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂගේ Punjab Kingsට එරෙහිව හර්දික් පාණ්ඩ්‍යාගේ Gujarat Titans තරඟ වදින IPL පිටියේ 48වන තරඟය අදයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 48වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Gujarat Titans කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Gujarat Titans හි නායකත්වය Hardik Pandya විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 9කට සහබාගි වී ඉන් තරඟ 4ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 8වන ස්ථානයේ පසුවනවා. එමෙන්ම Punjab Kings කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අද තරඟයට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

Gujarat Titans කණ්ඩායම ද මේ වන විට තරඟ 9කට මුහුණ දී ඉන් තරඟ 8ක් ජය ගෙන මේ වන විට ප්‍රසාද ලකුනු සටහනේ 4පළමු ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Gujarat Titans සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Gujarat Titans –

Wriddhiman Saha (wk), Shubman Gill, Hardik Pandya (c), Sai Sudharsan, Rahul Tewatia, David Miller, Pradeep Sangwan, Rashid Khan, Lockie Ferguson, Alzarri Joseph, Mohammed Shami

Punjab Kings –

Shikhar Dhawan, Mayank Agarwal (c), Jonny Bairstow, Bhanuka Rajapaksa, Jitesh Sharma (wk), Liam Livingstone, Kagiso Rabada, Rishi Dhawan, Sandeep Sharma, Rahul Chahar, Arshdeep Singh

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7