EXCLUSIVETrending Article

“දැන් කටක් ඇරලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් මචං..දැන් අපේ ටීම් එක WORLD CLASS” – ක්‍රිකට් රසිකයකු තැබූ ආදරණිය සටහන.!

එදා අපි හොයපු හාර්ට් ඇටෑක් ක්‍රිකට් එක ඔන්න ආයෙමත් ආවා.

පලවෙනි වටයේ ඇෆ්ගනිස්තානයෙන් කද්දි පලවෙනි වටයෙන්ම ගෙදර එයි කියලා හිතපු අයත් හිටියා, බංග්ලාදේශයට පපුව පිච්චෙන අවසානයක් නිමා කරලා මැච් එක දිනද්දි මෙච්චර හරියක් කරයි කියලා හිතුවේ නැති තරම්,

බලාපොරොත්තු වුනු ජයග්‍රහණ රැල්ල තහවුරු කරලා සුපිරි හතර දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානයෙන් පලි ගද්දි දැනුන සතුට මහ මෙරක්….!!!

ඊට පස්සේ මේ ඉන්දියාව එක්ක මැච් එක පටන් ගද්දි විවිධ කතා කියවුනා. එදා දසුන්ලා ඉන්දියාව ලංකාවේදී පරාජය කරපු තරග පවා මතක් කරලා හෑල්ලු කරා. “එදා දින්නේ B ටීම් එකකට දැන් ඉන්නේ ෆුල් ටීම් එක.. මේකට ගහන්නේ කොහොමද ?” ඇහුවා.

අන්තිමට උන් කරලා පෙන්නුවා.

මේ ගැහුවේ ලෝකේ අංක එකේ විස්සයි විස්ස කන්ඩායමට, එයාලගේ ෆුල් ටීම් එකට, මේක නිකන්ම නිකන් ජයක් නෙමෙයි. සමරන්න ඕනි ජයක් !!!

ඉස්සර ඉන්දියාවට මැච් එකක් ගහලා දිනනවා කියන්නේ අපිට ඒ තරම් ආතල් එකක් නැ…පස්සේ ඒ ආතල් එක නැත්තටම නැති වෙලා ගියා. හාර්ට් ඇටෑක් හැදෙන එදා අපි බලපු අන්තිම මොහොත වෙනකල් සටන් කරන සටන්කාමී මැච් නැති වෙලාම ගියා.

පස්සෙ දසුන් ආවා,

අර අපි හොයපු වසන්තය අරගෙන නෙමෙයි පොදි බැදගෙන, කටක් ඇරලා දැන් ආඩම්බරයෙන් කියන්න පුළුවන් මචං… ලෝකේ හොදම ටීම් එකටත් ඇටෑක් කරන්න පුළුවන් සෙට් එකක් දැන් අපිට ඉන්නවා. අවුරුදු ගානකට පස්සේ අපේ ක්‍රිකට් ආයෙමත් නැගිට්ටා !!!

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7