Cricket NewsEXCLUSIVEInternational

“ඉන්දියාව පරාජය කිරීම විශේෂ දෙයක්. අපිට ඕනි වෙලා තිබුනේ ප්‍රශ්න ගොඩාක් එක්ක ඉන්න අපේ රටේ මිනිස්සුන්ට හිනාවක් අරගෙන එන්න – භානුක රාජපක්ෂ

මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේයි. අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන මෙවර ආසියානු කුසලානයේ අද පැවති තීරණාත්මක තරඟයෙන් ඉන්දියාව කඩුලු 6 පරාජය කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

ඊයෙ තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Rohit Sharma පන්දු 41කදී ලකුණු 72ක් වාර්තා කිරීමට සමත් වුනා. Suryakumar Yadav ලකුණු 34ක් රැස් කළ අතර Hardik Pandya ලකුණු 14ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මදුශංක කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 174ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 174ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 37ක් තුල වෙගවත් ලකුණු 57ක් සහ පැතුම් නිස්සංක පන්දු 37ක් තුල ලකුණු 52ක් රැස් කළා. වේගවත් පිතිහරඹයක් දියත් කළ දසුන් ශානක 33ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේදී Yuzvendra Chahal කඩුලු 3ක් බැගින් දවා ගැනීමට සමත් වුනා.

මෙම පරාජයත් සමග ඉන්දීය කණ්ඩායමේ ආසියානු කුසලාන ගමන්මග නිමා වූ අතර Super 4 වටයේ අපරාජිතව පසු වන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තව දුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් වුවා.

මේ අතර තරගයෙන් අනතුරුව භානුක රාජපක්ශ කියා සිටියෙ මෙවන් අදහසක්,

Bhanuka Rajapaksa gets suspended one-year ban, fined for breaching player contract

“ඉන්දියාව පරාජය කිරීම විශේෂ දෙයක්. කන්ඩායමක් විදිහට අපි ලොකු ගමනක් ඇවිත් තියෙනවා. අපි මේ තරගාවලියට ආවේ කිසිම පීඩනයක් නැතුව. අපිට ඕනි වෙලා තිබුනේ ප්‍රශ්න ගොඩාක් එක්ක ඉන්න අපේ රටේ මිනිස්සුන්ට හිනාවක් අරගෙන එන්න. පසුගිය මාස 15ක කාලයක් තුල එකම ක්‍රීඩකයින් පිරිසක් ක්‍රීඩා කරපු නිසා අපි අතර ලොකු බැදීමක් තියෙනවා. අංක පහ පිතිකරු විදිහට ක්‍රීඩා කරන එක මට අමතර වගකීමක්. ඒ වගකීම සතුටින් මම භාර ගන්නවා. මේ මැච් එකේ දිනුමට ලොකුවටම හේතු වෙන්නේ කුසල්ගෙයි පැතුම්ගෙයි ඕපන් එක.

ඒ වගේම චරිත් ගත්තොත් අපි දන්නවා එයා කොච්චර හොද ක්‍රීඩකයෙක් ද කියලා. හැමෝටම අමාරු කාලයක් එනවා. එයාට එක 30ක් වැදුනොත් එයා ආපහු රිද්මයට එනවා. දිල්ශාන් මදුශංක තව පටන් ගත්තා විතරයි. එයාගේ දක්ෂතා තව ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7