Cricket NewsEXCLUSIVE

“මම ලෝකේ භයානකම පන්දු යවන්නන්ට මුහුණ දීලා තියෙනවා, එත් මට ෆේස් කරන්න අමාරුම පන්දුයවන්නා වූනේ නුවන් කුලසේකර” – මිස්බා උල් හක්

නුවන් කුලසේකර යනු ලොව අඩුවෙන්ම ඇගයීමකට ලක්වන වේගපන්දු යවන්නන් අතලොස්සගෙන් අයෙක් ලෙස සලන්න පුළුවන් අති දක්ෂයෙකි.

ඔහු සිය ක්‍රිකට් දිවිය පුරාවට විශිෂ්ඨ දස්කම් දක්වන්නට සමත් වූ අයෙකි.

ඒ බව තමන් ජාත්‍යන්තර පිටිය තුල ක්‍රීඩා කල සමය තුලදී මෙන්ම නිමාව දුටු ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලිය තුලදී පෙන්නුම් කලේය.

කෙසේ නමුත් පකිස්තානු ක්‍රිකට් ඉතිහාසය තුල බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයෙකු මෙන්ම විශිෂ්ඨතම පිතිකරුවෙකු වන මිස්බා උල් හක් පසුගියදා සඳහන් කර තිබුණේ තමාට මුහුණ දීමට අපහසුතම පන්දු යවන්නා නුවන් කුලසේකර බවය.

පසුගියදා You Tube නාලිකාවක් ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මිස්බා මේ බව කියා සිටියා.

Crickwick You Tube නාලිකාව ගෙන ආ එම සාකච්ඡාවේදී ඔහු තවදුරටත් කියා සිටියේ “මම ග්ලෙන් මැක්ග්‍රාත්,බ්‍රෙට් ලී,ජේම්ස් ඇන්ඩර්සන්ට මුහුණ දීලා තියනවා , නමුත් මා හට මුහුණ දීමට අපහසුම පන්දුයවන්නා උනේ නුවන් කුලසේකර” යනුවෙනි .

ඔහු තමා මුහුණ දුන් අසීරුතම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නමද එක් කර තිබීම විශේෂත්වයකි.

මිස්බා උල් හක් සහබාගි වූ එම වැඩසටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7