Cricket NewsEXCLUSIVEUnder-19

මෙවර යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම ශතකය නායක දුනිත් වෙල්ලාලගේගේ පිත්තෙන්.!

මෙවර වයස 19 න් පහළ ලෝක කුසලාන පන්දුවාර 50 තරගාවලිය මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වෙනවා.

එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය මේ වට විට ආරම්භ වී ඇති අතර දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 4ක පරාජයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියා.

කෙසේ නමුත් ලෝක කුසලාන තරඟාවලියේ 5වන ස්ථානය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව තිබෙනවා.

ඒ අනුව යොවුන් ආසියානු කුසලාන තරඟාවලියේ 5වන ස්ථානය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලංකාවේ කණ්ඩායම අද දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමට එරෙහිව අද තරඟ බිමට පිවිස තිබෙනවා.

ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

පෙර තරඟ වලදී මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ඉතා ඉක්මනින් දැවී ගිය අතර නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 130ක් තුළ ලකුණු 113 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 9ක් ඇතුළත් වුණා.

එමෙන්ම මෙම ශතකය ⁣යොවුන් ලෝක කුසලාන ඉතිහාසයට එක් වුයේ ශ්‍රී ලංකා ක්‍රිඩකයකු විසින් රැස් කරන ලද 9වෙනි ශතකය.

19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ගේ ශතක ඉණිම්.

2004 UTharanga vs SA

2012 S Werakkody vs AUS

2014 H Dumindu vs UAE

2018 D Lakshan vs IRE

2018 H Boyagoda vs KEN

2018 N Madushka vs ZIM

2018 H Boyagoda vs WI

2020 R Rashantha vs NIG

2022 D Wellalage* vs SA

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button