EXCLUSIVERishie BroTrending Article

LPL වල වැඩ දාන, කාටත් නොපෙනෙන නිහඩ වීරයා. – නුවන් ප්‍රදීප් ගැන සටහන

එක්දින ඉනිම් 47යි. කඩුලු 63යි.
හැබැයි එක තරගයයි අසාර්ථක වෙන්නේ පහුවදා ඉදන් හොයා ගන්නවත් නැ…
2022දි සිම්බාබ්වේ තරගාවලියේ එක තරගයක මෙයා අසාර්ථක වෙනවා. මෙයාට එරෙහිව සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 74ක් ලබා ගන්නවා. හැබැයි මෙයා ඔය තරගයේ කඩුළු දෙකකුත් දවා ගත්තා. ඊට කලින් තරගයේ ලකුණු 54කට කඩුළු දෙකක් දවාගෙන හොදින් පන්දු යැව්වා. හැබැයි අර තරගයේ අසාර්ථක වුනා විතරයි ආගිය අතක් අදටත් කවුරුත් දන්නේ නැ…

ටෙස්ට් පිටියේ ඉනිම් 53කදි කඩුලු 70ක් අරන් තියෙයි. 2017දි ඉන්දියාවට එරෙහි තරගයේ එක් තරගයක ඉනිමකට කඩුලු 6ක් පවා ලබා ගත්ත මේ පන්දු යවන්නා ඊට පස්සේ පැවති පකිස්තාන ටෙස්ට් තරගාවලියේ අසාර්ථක වුනා විතරයි අදටත් හොයා ගන්න නැ… කවුරුත් මෙයා ගැන හෙව්වෙත් නැ..

Firstclass තරග 100කට වැඩිය ක්‍රීඩා කරලා තියෙන ලිස්ට් A තරග 100කට වැඩිය ක්‍රීඩා කරලා තියෙන එක්දින ඉතිහාසයේ පිට පිට කඩුලු හතර බැගින් දෙවතාවක් දවා ගත්ත ක්‍රීඩකයින් අතලොස්ස අතරේ එක්කෙනෙක් වන මේ හාදයා හොද අත්දැකීම් තියෙන දක්ෂ වේග පන්දු යවන්නෙක්…

නමින් කිව්වොත් මේ නුවන් ප්‍රදීප් !!!
සමහර ක්‍රීඩකයින්ට වගේ මෙයාට සෝෂල් මිඩියා රැල්ලක් තිබුනේ නැ…
කොටින්ම මෙයාගේ කටහඬ වත් මතක නැ…
ඒ තරමටම හැංගිලා හිටපු කන්ඩායම වෙනුවෙන් උපරිමය කරපු චරිතයක්…

එයාගේ ක්‍රිකට් ඉතිහාසයේ එයා නිසා පැරදුන තරග නැතුව නෙමෙයි. හැබැයි එයා නිසා තරග රාශියක් අපි පැරදුනාට වඩා දිනලත් තියෙනවා. අද සමහර ක්‍රීඩකයින් ඉන්නවා ඒ අය නිසා දිනපු තරග වලට වඩා වැඩියෙන් තියෙන්නේ එයාලා නිසා පැරදුනු තරග,
ඒ අස්සේ දිනපු තරග වලට වඩා පැරදුන තරග එක දෙක මතක් කර කර සමහර ප්‍රේක්ෂකයන් අදටත් ගහන එකෙක් තමයි මේ නුවන් ප්‍රදීප් කියන්නේ..

ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලානයකදි අපි 2019 ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වෙන්න යද්දි අපේ පිතිකරුවන් ගහපු ඒ ලකුණු 201 බේරලා දුන්නේ මේ හාදයා. එදා නුවන් කඩුලු හතරක් දවාගෙන තරගයේ වීරයා වෙනවා.
හුගාක් වෙලාවට රට දිනවන්න නිහඩව දායක වුනු කෙනෙක් තමයි මේ නුවන් ප්‍රදීප්…
හැබැයි අපේ සමහර ක්‍රීඩකයින්ට වගේ මෙයාට කවුරුත් පිනා චාන්ස් දුන්නේ නැ… එක තරගයක් හරි ෆේල් වුනොත් කපලා එයාලට ඕනි ඕනි කෙනෙක් ඔබා ගන්න තමයි බලාගෙන හිටියේ. මොකද මෙයාව කපන්න හරි ලේසියි. කවුරුත් මෙයා ගැන වැඩිය ලොකුවට කතා කරන්නේ නැ.. හොයන්නේ බලන්නේ නැ.. සමහරු අදටත් මෙයා නිසා පැරදුනු තරගයක් දෙකක් මතක් කර කර මෙයාට බනිනවා.
හැබැයි අද අපේ වේග පන්දු බල ඇණියේ ඉන්න සමහර වේග පන්දු යවන්නන්ටත් වඩා හොදට මෙයා අදටත් පන්දු යවනවා.

දැන් වයස අවුරුදු 36ක්…
හැබැයි තාමත් කඩුලු දවා ගන්නවා.

ගාල්ල කන්ඩායම සමග පැවති තරගයේ පන්දුවාර තුනක් තුල ලකුණු 21කට කඩුලු තුනක් දවා ගන්නවා.
ඊට පෙර ජැෆ්නා තරගයේදී මෙයා කඩුලු තුනක් දවා ගන්නවා. මේ වනවිට LPL ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ශ්‍රි ලංකා වේග පන්දු යවන්නා වෙන්නෙත් වෙන කවුරුත් නෙමෙයි නුවන් ප්‍රදීප් විතරමයි.
වීරයෝ කවදාවත් මමයි වීරයා කියලා සංදර්ශන දැම්මේ නැ… එයාලා එයාලගේ වීරකම් ක්‍රියාවෙන් කරලා පෙන්නුවා. ඒ මිනිස්සු ප්‍රේක්ෂක හදවත් තුල ආදරයෙන් ගෞරවාන්විතව ලැගුම් ගත්තා.
නුවන් ප්‍රදීප් කියන්නෙත් ඒ වගේ..!

පිටට නොපෙනුනාට හදවත් හොරා ගත්තු නිහඬ වීරයින් අතරේ මේ නමත් ප්‍රේක්ෂක හදවත් තුල ගෞරවාන්විතව ලැගුම් ගනීවි..! ❤️🙏
✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button