Cricket NewsEXCLUSIVE

“නුවනිදු ප්‍රනාන්දු කියන්නේ හැකියාවෙන් පරිපූර්ණ, අනාගතය සදහා වන ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාව ඔහුගේ දක්ෂතාව හඳුනාගෙන ඔහුව විශ්වාස කර අවස්ථාව ලබා දෙන්නේ කවදාදැයි අපි බලාසිටිනවා.” ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් නුවනිඳු ප්‍රනාන්දු ගැන කියන කතාව !

ඉන්දීය පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ගැන අදහස් පලකර සිටියා.

ඔහු එහිදී නුවනිඳු ප්‍රනාන්දු ගැන කියා සිටියේ මෙවැන්නක්.

“නුවනිදු ප්‍රනාන්දු කියන්නේ හැකියාවෙන් පරිපූර්ණ, අනාගතය සදහා වන ක්‍රීඩකයෙක්. ඔහු අවසන් වරට ඉන්දීය සංචාරයේදී එක්දින තරග ක්‍රීඩා කළා. ඔහු උස, ආරම්භක පිතිකරුවෙක්. ඔහු නිවරැදි ලෙස කල්මැනීම් කර පන්දුවට පහරදෙන විට, පන්දුව ඉතා වේගයෙන් පිත්තෙන් ඇදී යනවා. සමහර ක්‍රීඩකයින්ට කල්මැනීම (ටයිමින්) නම් පුදුමාකාර ත්‍යාගය ලැබී තිඛෙනවා. නුවනිදු ප්‍රනාන්දු හට එය නිරායාසයෙන්ම ලැබී තිඛෙනවා. එය ලෙහෙසියෙන් උගන්වන්න බැහැ. ශ්‍රී ලංකාව ඔහුගේ දක්ෂතාව හඳුනාගෙන ඔහුව විශ්වාස කර අවස්ථාව ලබා දෙන්නේ කවදාදැයි අපි බලා සිටිනවා.ඔහු තවමත් තරුණයෙක්. ඔහු මේ වසරේ එල්.පී.එල් තරඟාවලියේදී ස්ථාවර නොවුනත් දස්කම් කිහිපයක් ලබා දුන්නා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button