ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් යුත් සීමිත ඕවර තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් යුත් සීමිත ඕවර තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය දැන් ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk වෙත පිවිසීිමෙන් ප්‍රවේශපත් ලබාගත හැකිය.
මේ මස 7 වැනිදා (බ්‍රහස්පතින්දා) සිට කොළඹ විද්‍යා මාවත ප්‍රවේශපත් කවුළුවෙන් සහ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පිහිටි ප්‍රවේශපත් කවුළුවෙන් ප්‍රවේශපත් මිලදී ගත හැකිය. විස්සයි-20 තරග පැවැත්වෙන දිනවලදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවට ආසන්න ස්ථානයකදී ප්‍රවේශපත් අළෙවි කෙරේ.
පල්ලෙකැළේදී පැවැත්වෙන එක්දින තරග සඳහා ප්‍රවේශපත් කවුළුවක් නොවැම්බර් මස 15 වැනිදා එම ක්‍රීඩාංගණයේදී විවෘත කෙරේ. එක්දින තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩාංගණයේදී ප්‍රවේශපත් අළෙවි කෙරේ.
සියලුම ප්‍රවේශපත් කවුළු පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරග පැවත්වෙන දිනවලදී රාත්‍රී 8.00 දක්වා එම ප්‍රවේශපත් කවුළු විවර කර තැබෙනු ඇත.
ආසන පනවා ඇති ස්ථාන අනුව, ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1000 ක්, රුපියල් 2000 ක්, රුපියල් 5000 ක් සහ රුපියල් 10,000 ක් වැනි මිල ගණන් වලට අළෙවි කෙරේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය විස්සයි-20 අන්තර්ජාතික තරග 2 කින් සහ එක්දින අන්තර්ජාතික තරග 3 කින් සමන්විත වේ. විස්සයි-20 තරග දෙක සහ එක්දින තරගයක් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් එක්දින තරග දෙක පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.