Cricket NewsEXCLUSIVE

“අපේ ඉලක්කය කොහොමහරි ඉන්දියාවට තුළ ටෙස්ට් තරගයක් ජයගැනිම” – ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියයි.!

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අනියුක්තව ඉන්දියාවට එරෙහිව තරග 2ක් වෙනුවෙන් ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතය මේ වන විට ඉන්දියාවෙ සංචාරයකට එක්ව සිටිනවා.

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරගය එළඹෙන මාර්තු මස 4වනදා මොහාලිහිදී ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රි ලංකා කණ්ඩායම මේ වන විටත් සිය පුහුණුවීම් ආරම්භ කොට තිබෙනවා.

මේ අතර ඉද්නියාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්න අදහස් පල කර සිටියා.

එහිදී දිමුත් මෙලෙස සඳහන් කර සිටියා,

” මෙම තරගාවලිය තුළ අපගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමයි. මොකද අපි මීට කලින් ඉන්දියාව තුළ කිසිදු ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරලා නෑ.”

” අපි හැම වෙලාවෙම ඉලක්ක කරන්නෙ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියයි. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වෙනවා. ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මෙම තරග ජයග්‍රහණය වැදගත් වෙනවා.

කොදෙව්වන්ට එරෙහිව ලබාගත් ජයග්‍රහණ 2 නිසා අපි මේ වෙද්දි ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි රැදී සිටින්නෙ. ටෙස්ට් පිටිය තුළ දක්ෂතා ඉදිරියටත් පවත්වාගෙන යමින් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම අපගේ බලාපොරොත්තුවයි.”

දිවා රාත්‍රී ටෙස්ට් තරගය භා කණ්ඩායමේ සංයුතිය පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වා සිටියා.

” ටෙස්ට් තරගාවලියට පෙරාතුව අපි ඉතා හොදින් පුහුණුවීම් වල නිරත වුණා. ශ්‍රි ලංකාව තුළ,සිටි අවසන් දින තුන තුළ දිවා රාත්‍රී ටෙස්ට් තරගය වෙනුවෙන් අපි පුහුණුවීම් කළා.

ඕස්ට්‍රේලියාව සමගින් පැවති අවසන් දිවා රාත්‍රී ටෙස්ට් තරගය අපට ඒ තරම් හොදින් ක්‍රීඩා කරන්න බැරි උනා. නමුත් ඉන් පෙර ක්‍රීඩා කළ,දිවා රාත්‍රී තරග 2 අපි හොදින් ක්‍රීඩා කළා. බැංගලෝර්හිදී පැවැත්වෙන මෙම තරගයද හොදින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

” මට ලැබිලා තියෙන ටෙස්ට් සංචිතය ගැන මම සෑහීමකට පත් වෙනවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වගේම නවක ක්‍රීඩකයනුත් සංචිතයේ ඉන්නවා. ඔවුන් සියලු දෙනාම හොද රිද්මයක ඉන්නවා. අවසන් ක්‍රීඩකයන් 11 අතරට පිවිසීමට කණ්ඩායම තුළ දැඩි තරගයක් තියෙනවා.

ආරම්භක පිතිකරු වශයෙන් මාත් එක්ක ක්‍රීඩා කරන අනෙක් ක්‍රීඩකයා කවුද කියලා තවම තීරණය කරලා නෑ. ආබාධයකට ලක්වූ රමේෂ් මෙන්ඩිස් වෙනුවට නවක ක්‍රීඩක අශේන් ඩැනියෙල් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා” යනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා මාධ්‍යට අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7