Cricket NewsEXCLUSIVEIPL

Mumbai Indians කණ්ඩායමේ අනාගත නායකයා යොවුන් පිතිකරු තිලක් වර්මා වනු ඇති බව හිටපු ඉන්දීය ක්‍රීඩක හර්බජාන් සිං කියයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී IPL ඉතිහාසයේ වැඩිම ශූරතා ගනණක් දිනාගත් කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විශාල පසුබෑමකට ලක්ව සිටියි. කෙසේ නමුත් මෙවර තරඟාවලිය පුරාවටම මුම්බායි කණ්ඩායමේ පිතිකරණය මුවහත් කරන්නට සුර්ය කුමාර් යාදව්ට අමතරව තම මංගල IPL තරඟාවලිය ක්‍රීඩා කරන නවක පිතිකරු තිලක් වර්මාද විශාල වශයෙන් දායක වනු ලැබීය.

මෙවර මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් 10 දෙනා අතර වන එකම පිතිකරුවාද වර්මා වීම විශේෂත්වකි.
චෙන්නායි කණ්ඩායමට එරෙහිව ලකුණු 98 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි මුම්බායි මුල්පෙල කඩුලු 4 ක් පළමු පවර්ප්ලේ අවස්ථාව තුලදී බිඳ වැටුණේය. එතැන් පටන් චෙන්නායි වේගපන්දු යවන්නන් හොඳ රිද්මයකින් පන්දු යවමින් සිටියදී වර්මා ඉවසිලිවන්තව පීඩනයට එරෙහිව මැනැවින් පහර දෙනු දක්නට ලැබීය.

අවසානයේදී ලකුණු 34 ක් නොදැවී රැස් කල වර්මා මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියාද විය.

තරඟය අතර තුර විස්තර විචාරයේ යෙදී සිටි හිටපු ඉන්දීය ක්‍රීඩක හර්බජාන් සිං සඳහන් කර සිටියේ රෝහිත් ශර්මාගෙන් පසු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අනාගත නායකයා යොවුන් පිතිකරු තිලක් වර්මා විය යුතු බවය.

“කාරණය හරි. ඔහුට මනා හැකියාවක් තියනවා.ඔහු ඉදිරි වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන බව පෙනෙන්නට තිබෙනවා.තිලක් සමග ටිම් ඩේවිඩ් ද වේවි. මම හිතන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අනාගත නායකයා තිලක් වේවි” හර්බජාන් එහිදී පැවසීය.

මේ අතර හර්බජාන්ගේ විස්තර විචාරක සහකරු වන ආකාෂ් චොප්රා ද හර්බජාන් සමඟ අදහස් පළ කළේය.

“ආහ්, ඔයා ඒක මුලින්ම ඇහුවේ මෙතනින්. දැනට පහර එල්ල කරන වමත් පිතිකරුවාට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අනාගත නායකයා බවට පත්විය හැකියි.” ආකාශ් චොප්රාද එහිදී කියා සිටියේය.

යොවුන් වමත් පිතිකරු වර්මා ඕනෑම තත්වයක් යටතේ ඕනෑම අවස්ථාවක ඉනිම ගොඩනැංවිය හැකි සාර්ථක ඉදිරිපෙල පිතිකරුවෙකි. ඔහු මෙවර තරඟාවලියේදී අර්ධ ශතක දෙකක් තම ගිණුමට බැර කරගත් අතර මුම්බායි ප්‍රභල පිතිකරුවන් අසාර්ථක වද්දී කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියාද වූයේ වර්මා ය.

වර්මා මෙවර තරඟාවලියේදී ලකුණු 368 ක් රැස් කල අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය 40.89 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button