Cricket GossipCricket NewsEXCLUSIVEIPL

“14 වෙනි පන්දුවාරයේ මැදදි අවුට්.. ඒ පන්දුවාරයේ ඉවරවෙද්දි කෑම පිඟානක් බෙදාගන්නවා..” – Andre Russellගේ ජායාරුපයක් ඉන්දීය සමාජය මාධ්‍ය වල වේගයෙන් සංසරණය වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 41වන තරගය ලෙස Kolkata Knight Riders සමග Delhi Capitals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Kolkata Knight Riders කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Kolkata Knight Riders කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 150ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

තරඟය අතරතුර තවත් අපුරු සිදුවීමක් සිදු වුනා, ඒ Kolkata Knight Riders ඉනිමේ 13.4 වන පන්දුවට කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු Andre Russell ලකුණු නොලබා දැවී යාමත් සමගයි. Kuldeep Yadav විසින් යොමු කල පන්දුවකදී කඩුලු රකින ක්‍රීඩක Rishabh Pant විසින් ලබාගත් ස්ටම්ප් කිරීමක් හේතුවෙන් Andre Russell දැවී ගියා.

අනතුරුව ක්‍රීඩා ගරයට ගිය Andre Russell කෑම පිඟානක් බෙදා ගන්නා ආකාරය රුපවාහිනියේ සජීවීව විකාශය වූ අතර ඒ පිළිබඳව ඉන්දීය සමාජ මාධ්‍ය වල අපුරු සටහන් හුවමාරු වනවා.

එහිදී “13 වන පන්දු වාරයේදී රත්තරන් තාරාවෙක් (ලකුණු නොලබා පිතිකරුවකු දැවී යාම Golden Duck ලෙස හඳුන්වයි) අනුභව කර 14 වන පන්දු වාරයේදී චිකන් අනුභව කරනවා” වැනි සමාජ මාධ්‍ය සටහන් රාශියක් හුවමාරු වනවා දක්නට ලැබෙනවා.

එම ජයරුපය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7