Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කරයි

As It Happened: Sri Lanka vs Australia, 1st Test, Day 5

වසර 6 කට පසුව ද්විපාර්ශවික තරඟාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතය.ටෙස්ට් තරඟ 2 ක් එක්දින තරඟ 5 ක් හා විස්සයි විස්ස තරඟ 3 ක් ඇතුලත් මෙවර තරගාවලිය ලබන ජූනි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතය.

අවසන් වරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් සංචාරයක නියැලුනු ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම 3-0 ක් ලෙස අවමන් සහගත පරාජයක් ලැබුවේය.කෙසේනමුත් මෙවර තරඟාවලියට ඔවුන් පිවිසෙන්නේ උපමහද්වීපික තත්වයන් යටතේ පකිස්තානයට එරෙහිව සාර්ථක ටෙස්ට් තරඟාවලියක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.එය ඔවුන් හට අමතර වාසියක් නිර්මාණය කල බව නොරහසකි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ඕස්ට්‍රේලියානු සංචිතය අද නම් කෙරුණි.මෙවර තරඟාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ පැට් කමින්ස් විසිනි.උපනායකත්වය ස්ටීව් ස්මිත් වෙත පැවරී තිබේ.

මෙවර ඔස්‍ට්‍රේලියානු ටෙස්ට් සංචිතය

💥 පැට් කමින්ස් (C)
💥 ඩේවිඩ් වෝනර්
💥 උස්මාන් කවාජා
💥 මාර්නස් ලැබුෂේන්
💥 ස්ටීව් ස්මිත් (VC)
💥 මිචෙල් මාෂ්
💥 ඇලෙක්ස් කේරි
💥 කැමරන් ග්‍රීන්
💥 ට්‍රැවිස් හෙඩ්
💥 මිචෙල් ස්ටාර්ක්
💥 නේතන් ලයන්
💥 ජෝෂ් හේසල්වුඩ්
💥 ස්කොට් බෝලන්ඩ්
💥 ඇස්ටන් ඒගර්
💥 මයිකල් ස්විප්ටන්
💥 ජෝෂ් ඉංග්‍රීස්

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන ජූලි 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button