Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශයට හිතකාමී තණතීරු ඇති මීර්පුර් හි පැවති තරඟයෙනුත් බංගලින් පරාජය කළ පකිස්ථානයට තියුණු ජයක්.!

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක පකිස්ථාන කණ්ඩායම සමත්වුණා.

අද තරගය පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා නුවර මීර් පූර් හි Sher-e-Bangla ක්‍රීඩාංගනයේදීයි.අද තරඟ⁣යේ කාසිය වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා,

ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට පකිස්ථාන පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ලකුණු 15කට කඩුලු 3ක් බිඳ වැටී බංගලදේශය වරක ඉතා අසීරු අවස්ථාවකට මුහුණ පා සිටියත් ඔවුන්ගේ ඉනිම ලකුණු 127ක් දක්වා රැගෙන යාමට මැදපෙල පිතිකරුවන් සමත් වූවා.

බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස සටහන් වුයේ Afif Hossainය. ඔහු ලකුණු 36 ක් රැස් කළ අතර ඊට අනගි සහයක් ලබා දුන් Mahedi Hassan ලකුණු 30 ක් රැස් කළා.

Nirul hasan ලකුණු 28 රැස් කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේදී Hasan Ali කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර Mohammad Wasim කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 127 රැස් කර ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් වුණා.

අනතුරුව ලකුණු 128ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායාමේ අරමුණෙන් පිටියට පිවිසි පකිස්තාන පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහි ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

පකිස්තාන පළමු කඩුලු කිහිපය ඉතා ඉක්මනින් බිඳ වැටී තරඟයේ ජයග්‍රහණය බංග්ලාදේශය වෙත දෝලනය වන අවස්ථාවක 5වැනි කඩුල්ල සඳහා Fakhar Zaman සහ Khushdil Shah එක්ව ලකුණු 56 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුණා.

Fakhar Zaman ලකුණු 34ක් සහ Khushdil ලකුණු 34 බැගින් රැස් කළා අනතුරුව Shadab Khan සහ Mohammad nawaz එක්ව පකිස්තානය සුරැකිව ජයග්‍රහි වෙත රැගෙන යාමට කටයුතු කළ අතර Shadab පන්දු 10කින් වේගවත් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර Nawaz පන්දු 8කින් වේගවත් ලකුණු 18 ක් රැස් කළා.

පන්දු යැවීමේදී බංගලදේශය වෙනුවෙන් Taskin Ahamed කඩුලු 2ක් ද Mahedi Hasan, Mustafizer සහ Aminul අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මේ අනුව දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක පකිස්ථාන කණ්ඩායම සමත්වූ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය හෙට මීර් පූර් හි Sher-e-Bangla ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7