Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානයේ වැඩි තරඟ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවසානයේ පකිස්ථානයේ සහය ලැබේ – උද්වේගකර ඉන්දියා-පකිස්ථාන තරඟය පල්ළෙකැලේ ක්‍රීඩාංගනයට.!

ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් පවත්වන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය මේ වන විට දැඩි උණුසුම් මාතෘකාවක් බවට පත් ව තිබෙන්නේ පකිස්ථානය සහ ඉනිද්යව අතර පවතින දේශපාලන මත ගැටුම් හේතුවෙනි.

මෙවර තරඟාවලිය පැවැත්වෙන ස්ථානය පිළිබඳව විවිද මත ගැටුම් දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වුනා. කෙසේ නමුත් ඉන්දීය PTI පුවත් වෙබ් අඩවිය සහ පකිස්තාන ARY පුවත් විකාශය සඳහන් කර සිටින්නේ ආසියානු කුසලානයේ පළමු තරඟ 4 පමණක් පකිස්ථානයේ ලාහොර් හිදී පැවැත්වීමටත් ඉතිරි සියලුම තරඟ ශ්‍රී ලංකාවේ දඹුල්ල සහ පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගන වල ක්‍රිඩා කිරීමටත් පකිස්තානය සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම ඒ සඳහා සියලු රටවල් සිය කැමැත්ත ප්‍රකශ කර ඇති බව ද සඳහන් වනවා.

පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Najam Sethi විසින් ඉදිරිපත් කරන ලද Asia cup 2023 Hybrid model එක සඳහා සියලු රටවල් කැමති වෙලා තියෙනවා. ඒ අනුව

🔹 තරඟාවලියේ මුල් තරඟ 4 පකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.
🔹තරඟාවලියේ ඊළඟ තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි.
🔹 ඉන්දියා – පකිස්තාන තරඟයද ශ්‍රී ලංකාවේදි පැවැත්වෙනවා ඇති.
🔹 තරඟාවලියේ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදි පැවැත්වීමට නියමිතයි.
🔹 තරඟ format එක එක්දින වන අතර කණ්ඩායම් 6ක් ආසියානු කුසලානය සඳහා තරඟ වදිනවා. එක්  කාණ්ඩයක ඉන්දියාව, පකිස්තානය සහ නේපාලයත් අනෙක් කාණ්ඩයේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශයන් සහ ඇෆ්ගනිස්තානය තරඟ වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button