Cricket NewsEXCLUSIVEInternational

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව නවසීලන්තය 2-0 කින් ටෙස්ට් තරගාවලිය ජයගනී.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ හැමිල්ටන් නුවර සෙඩොන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ නවසීලන්තය, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 267 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 32 වැනි ශතකය ලබාගැනීමට කේන් විලියම්සන් (නොදැවී 133) සමත් වූ අතර ඔහු එම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සැරසුවේය.

රචින් රවින්ද්‍ර (20) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන්, ඉන් නොනැවතී විල් යංග් (නොදැවී 60) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 152 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. විල්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button