Cricket NewsEXCLUSIVEInternational

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දියාව සහභාගි නොවන බව පැවැසීමෙන් ඇති වන අපහසුතාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

ලබන වසරේ පෙබරවාරි මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දියාව සහභාගි නොවන බව පැවැසීමෙන් ඇති වන අපහසුතාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

පාකිස්තානයට නොයන බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය අයිසීසී වෙත නිල වශයෙන් දන්වා ඇති අතර, එවැනි ක්‍රියාවකදී ක්‍රීඩාව සඳහා බේරුම්කරණ අධිකරණය (CAS) ඉදිරියේ පාකිස්තානයට නඩු පැවැරීමේ හැකියාව ඇත.

වසර 7කට පසු පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ ඉල්ලීම මත පාකිස්තානයෙන් පිටත මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට කටයුතු කළහොත් පාකිස්තානය තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ හැකියාව සොයා බලමින් සිටියි.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය උදෙසා ඉන්දියාව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කොට ‘හයිබ්‍රිඩ්’ මාදිලියේ තරගාවලියක් යෝජනා කළ ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එය ප්‍රතික්ෂේප‍ ‍කොට ඇත.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ශූරයන්ගේ කුසලානය දෙමුහුන් ආකෘතියකින් පැවැත්වීමට එකඟ විය යුතු බවත්, ඉන්දියාවේ තරග සියල්ල ඩුබායි හෝ සාජාහිදී පැවැත්විය යුතු බවත් ඉන්දියාව දැනුම් ඇත.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය ලබන පෙබරවාරි 19 සිට මාර්තු 9 දක්වා පාකිස්තානයේ ස්ථාන තුනකදී පැවැත්වීමට නියමිත අතර, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව ලෙස කාණ්ඩ දෙකකට බෙදා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button