Cricket NewsEXCLUSIVEInternational

පාකි­ස්තාන ක්‍රීඩක කුෂ්දිල් ශාහ්ට අයිසීසී‍යෙන් දඩ!

පාකි­ස්තාන ක්‍රීඩක කුෂ්දිල් ශාහ්ට තරග ගාස්තු­වෙන් 50%ක දඩ මුද­ලක් නියම කිරී­මට අයිසීසීය කට­යුතු කර තිබේ.

නව­සී­ල­න්ත­යට එරෙ­හිව පසු­ගි­යදා පැවති පළමු විස්සයි20 තර­ග­යේදී අයි­සීසී විනය නීති සංග්‍ර­හය උල්ලං­ඝ­නය කිරීම ඊට හේතුවී ඇති අතර, මේ දඩය සමඟ ඔහුගේ විනය වාර්තා­වට දඬු­වම් ලකුණු 3ක් ඇතු­ළත් කර තිබේ.

කුෂ්දිල් පන්දු­වට පහ­ර­දෙ­මින් සිටි­යදී පාකි­ස්තාන ඉනිමේ 8 වැනි ඕව­රය යැවූ සැකරි ෆවු­ලුක්ස්ගේ පන්දු­ව­කට පහ­රක් එල්ල කර ලකු­ණක් කරා දිව­යෑ­මේදී පන්දු යව­න්නාගේ ශරී­රයේ ගැටීම ඔහුට එල්ලවී ඇති චෝද­නා­වයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button