Cricket NewsEXCLUSIVE

ඉන්දියාවේ පැවැත්වෙන Friends Cup සැහැල්ලු පන්දු තරඟාවලියේ Bangalore Friends පරාජය කරමින් පානදුර Super Fashion ජයග්‍රාහිව තරඟාවලිය අරඹයි.!

ඉන්දියාවේ පැවැත්වෙන Friends Cup සුහද සැහැල්ලු පන්දු තරඟාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකාවේ අංක එකේ සැහැල්ලු පන්දු කණ්ඩායමක් වන Panadura Super Fashion Cricket කණ්ඩායම ද එක් ව සිටින්නේ විශේෂ ආරාධනයක් අනූවයි.

ඒ අනූව Super Fashion ඊයේ Bangalore Friends කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දුවාර 8 ක තරඟයක් ලෙස පැවති මෙම තරඟයේ දී මුලින්ම පන්දුවට පහර දුන් Super Fashion ක්‍රීඩකයන් ලකුණු 46 ක් රැස් කිරීමට සමත් වු අතර සමීර් ලකුණු 12ක් සහ දනුෂ්ක සම්පත් ලකුණු 7ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදි Vasu Prakesh කඩුලු තුනක් බිඳ හෙලුවා.

ඒ අනුව ලකුණු 47ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Bangalore Friends කණ්ඩායමට නියමිත පන්දුවාර 8 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 45ක් පමණයි.

තරඟයේ අවසන් පන්දුව තෙක් ඇදී ගිය මෙම තරඟයේ ජයග්‍රහණය සඳහා Bangalore ක්‍රීඩකයන්ට ලබාගත යුතුව තිබුණේ ලකුණු 4 ක් පමණයි. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළේ Hashan. දකුණතින් මදවේග පන්දුයවන ඔහු Around the wicket ආකාරයෙන් පන්දුයවා අවසන් පන්දුවාරය ලකුණු 2 කට සීමා කරන්නට සමත් වුණා.

ඒ අනුව එක් ලකුණක තියුණු ජයක් ශ්‍රී ලංකාවේ Panduru Super Fashion කණ්ඩායමට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7