Cricket NewsEXCLUSIVE

සංගීත් කුරේගේ විශිෂ්ට ශතකය වටා ගොඩ නැගුනු ගාල්ල පළමු ඉනිම හේතුවෙන් නැෂනල් සුපර් ලීගයේ ගාල්ල කණ්ඩායම ප්‍රභල තත්වයක.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වතාවටත් පවත්වනු ලබන තරුණ ක්‍රිකට් තරු සොයා යන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැති ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම් අතර තරගයේදී ගාල්ල කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 365ක් රැස් කිරීම හේතුවෙන් දෙවැනි ඉනිමට පන්දුවට පහරදෙන මහනුවර කණ්ඩායම කඩුලු 9ක් අතැතිව ලකුණු 54ක් පසුපසින් සිටිනවා.

ගාල්ල ඉනිමේ කොඳුනාරටිය බවට පත්වූ සංගීත් කුරේගේ ශතකය වටා එක්රැස්වූ ගාල්ල පිතිකරුවෝ මහනුවර කණ්ඩායමට එරෙහිව විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

තරඟය ආරම්භයේදී ලකුණු ලබාගැනීමට පෙරම, ගාල්ල පිලේ ආරම්භක කඩුල්ල දැවී ගිය නමුත් නොසැලුණු සංගීත් කුරේ, අංක 3 පිතිකරුවා වූ ලක්ෂාන් එදිරිසිංහ සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144 ක් එක් කිරීමට සමත් වුනා. ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් හා එක්වූ සංගීත්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 82 ක සම්බන්ධතාවකට දායක විය.

මුලු ලකුණු සංඛ්‍යාව 297 දී සංගීත් දැවී යන වට ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වී තිබිණ.

මහනුවර – පළමු ඉනිම 290/10

(උදයවංශ පරාක්‍රම 49, කසුන් විදුර 16, සඳුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, රවීන් යයස් 10, මොවින් සුබසිංහ 30, වනුජ සහන් 12, නිපුන් රංසික 12, කවිශ්ක අංජුල 56/2, අසංක මනෝජ් 31/4)

ගාල්ල – පළමු ඉනිම 365/10

(සංගීත් කුරේ 132, ලක්ෂාන් එදිරිසිංහ 70, ඇන්ජලෝ මැතිව්ස් 44, ධනංජය ලක්ෂාන් 16, විශාද් රන්දික 53, රමේෂ් මෙන්ඩිස් 10, මොහොමඩ් ෂිරාස් නොදැවී 15, නිපුන් රංසික 85/3, වනුජ සහන් 105/3,

මහනුවර – දෙවැනි ඉනිම 21/1
(කසුන් විදුර නොදැවී 14)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7