ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය අද චැටෝග්‍රෑම් හීදි ඇරඹේ
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වෙයි. සිල්හෙට්හි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජයගත් ශ්‍රී ලංකාව දැනටමත් තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් බැවින් මේ තරගයේ ජයග්‍රහණය දෙපිලටම වැදගත් වේ.
වසර 2022දී ඉන්දියාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් තරගය පැවැත්වීමෙන් අනතුරුව මේ චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. වසර 2018දී මෙ ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 196ක් හා ධනංජය ද සිල්වා ලකුණු 173ක් ලබා ශ්‍රී ලංකා ඉනිම වාර්තාගත ලෙස ලකුණු 713ක් බවට පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මතකයේ රැඳෙනු ඇත. බංග්ලාදේශයද එහි පළමු ඉනිමේ ලකුණු 513ක් ලබාගත් හෙයින් අහමඩ් චෞද්රි ක්‍රිකට් තණතිල්ල පිතිකරුවන්ට පාරාදීසයක් වූවේය.