Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුභ ආරංචියක් – පැතුම් නිස්සංකගේ සහ ප්‍රමෝද් මදුශාන් අබාධයන්ගෙන් සුව අතට, හෙට තරඟයටත් සුදානම්.!

මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයේ එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය සමග තරගයේදී ආබාධයකට ලක් වූ ප්‍රමෝද් මදුශාන් සහ නෙදර්ලන්ත සමග පැවති තරගයේ සුළු ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක යන ක්‍රීඩකයින් දෙදෙනාම මේ වන විට හොද ශාරීරික තත්ත්වයකින් පසුවෙන බව අභ්‍යන්තර ක්ර්කිඅට් ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ද ඔවුන් දෙදෙනාම සමත් වී ඇති අතර හෙට පර්ත් හී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාව සමග තීරණාත්මක තරගයේ කන්ඩායම් තේරිම් සදහා මේ දෙදෙනාවත් යොදා ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බොහෝ විට මෙම ක්‍රීඩකයන් දෙදෙනාම හෙට තරඟය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button