Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව සතුව ලෝක මට්ටමේ පන්දු යවනන් සිටිනවා.. ඒක අපට විශාල අභියෝගයක් වේවි” – ඔස්ට්‍රේලියානු පිතිකරු මිචෙල් මාශ්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවන තරඟය හෙට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියානුවන් මෙවර මුහුණ දුන් පළමු තරඟය පරාජය වූ නමුත් හෙට තරඟයට ඔවුන් හොඳ සූදානමකින් පසුවන බව සඳහන්

ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට ඔවුන් හොඳ අධ්‍යනයකින් පසුවන බව ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරු මිචෙල් මාශ් අද මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඔහු අදහස් දක්වමින් කියා සිටියේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ ඔවුන් ට අභියෝගයක් එල්ල කල හැකි ලෝක මට්ටමේ පන්දු යවන්නන් බවය.

“ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේදී අපට නැවතත් අපේ සුපුරුදු තරග රටාවට පැමිණෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම හොද කණ්ඩායමක් වුවත් මෙම ක්‍රීඩාංගණ , තණතීරු ඔවුන්ට වඩා අපට ගැලෙපෙනවා වගේම අපට ඒවා පිළිබඳව හොද අධ්‍යනයක් තිබෙනවා. කොහොම වුවත් ඔවුන් සතුව ලෝක මට්ටමේ පන්දු යවනන් දෙදෙනකු වන වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ සිටිනවා. ඒක අපට විශාල අභියෝගයක් වේවි. කොහොම වුවත් පර්ත් තණතීරුව දගපන්දු යවනන්ට වඩා වේග පන්දු යවනන්ට හිතකර වෙයි කියලා මම විශ්වාස කරනවා” යනුවෙන් එහිදී මාෂ් ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර හෙට තරඟය පැවැත්වෙන්නේ පර්ත් හි Optus ක්‍රීඩාංගණයේදීය.ප්‍රේක්ෂකයින් 60000 කට අසුන් ගැනීමට හැකි පර්ත් ක්‍රීඩාංගණය සැලකෙනුයේ ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම ක්‍රීඩාංගණය ලෙසටයි.

වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු පර්ත් තණතීරුවේ දඟ පන්දු යවනන්හට හොඳ ඉපිල්ලීමක් නිර්මාණය කල හැකි අතර පිතිකරුවන්ට Square Boundries තරණය කිරීමට නම් දඟපන්දු යවනන්නන්ට එරෙහිව තරමක් අපහසුවන්නේ ඉහත සඳහන් කල අතිරේක ඉලිප්පීම හේතුවෙනි.එමෙන්ම Straight boundries වලට සාපේක්ෂව ගත් කල Square boundries වැඩි දිගකින් යුක්ත වීමත් ආසියානු උපමහද්වීපික කණ්ඩායම් වෙත ඔස්ට්‍රේලියානු වේගපන්දු යවනන්නන් එල්ල කරන අභියෝගයටත් ශ්‍රී ලංකා පිතිකරුවන් හට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button