Cricket NewsEXCLUSIVEMatch Review

පැතුම් නිස්සංකගේ සටන්කාමී ඉණිම අප⁣තේ යවමින්, සුපිරි පන්දුවාරය දක්වා ගිය තරඟයෙන් ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් දෙරට අතර ආරම්භ වූ තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරඟයේදී සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණය කිරීමට ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග තරඟාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනා. කෙසේ නමුත් තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් සැබවින්ම ප්‍රශංසනීය මට්ටමක තිබු බවනම් කිව යුතුමය.

අද තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමිනි.

ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 48(32)ක් රැස් කළ අතර, නායක ආරෝන් ෆින්ච් ලකුණු 25යි. මර්කස් ස්ටොයිනිස් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා.

මැතිව් වේඩ් පන්දු 4කින් වේගවත් ලකුණු 13ක් නොදැවී රැස් කළ අතර පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්තා.

සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ නුවන් තුෂාර හා මශීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 165ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ද නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ අතර ඔහු පන්දු 53ක් තුලදී ලකුණු 73 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයෙ පහරවල් 2ක් සහ හතරේ පහරවල් 7ක් ඇතුළත් වුණා. නායක දසුන් ශානක ලකුණු 34 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 19 ක් රැස්කළා.

කෙසේ නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 3ට ලකුණු 12ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර ඒ අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටියේ දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණයි.

එම පන්දුවාරයේ තෙවැනි පන්දුවට මහීෂ් විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරනු ලැබූ අතර දෙවන පන්දුව සඳහා ඔවුන් දෙදෙනා පැති මාරු කර ගනු ලැබුවා.

ඒ අනුව අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු පහක් හිමි වූ අතර ජයග්‍රහණය කිරීම සඳහා දැවැන්ත හයේ පහරක් අවශ්‍ය වුණා.

ඒ අවස්ථාවේ පිතිකරණ යෙදී සිටි දුෂ්මන්ත චමීර එල්ල කරන ලද හතරේ පහර හේතුවෙන් තරගය සම(Tied) වූනා.

ඒ අනුව තරඟයේ ජයග්‍රයකයන් තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුනා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පන්දුවාරය තුල රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 5ක් පමණයි.

ඒ අනුව ලකුණු 5ක් ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද්දේ වනිඳු හසරංග විසින් වන අතර තවත් පන්දු 3ක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් උනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7