Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂ,චරිත් අසලංක,දුනිත් වෙල්ලාලගේ ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයන් රැසක් අද දිනයේ IPL හි වෙන්දේසි වීමට නියමිතයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර IPL 2022 ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබු අතර ඉන් තෝරාගත් ක්‍රීඩකයන් 590 දෙනෙකු IPL මෙගා ඔක්ෂන් හෙවත් ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය ඊයෙ අවසන් වුනා.

එහිදී ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග RCB වෙත අලෙවි වුවා.

ක්‍රිඩක වෙන්දේසියේ දෙවනි දිනය අරඹමින් වෙන්දේසියට ඉදිරිපත් වූ පලමු ශ්‍රී ලංකා ක්‍රිඩකයා වූ දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් වෙත අලෙවි වූ අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන යොවුන් ක්‍රිඩක මහීෂ් තීක්ශනව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය වන අද දිනයේ වෙන්දේසි කටයතු තවමත් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18ක් වෙන්දේසි ගත වීමට නියමිතව ඇත.

අද IPL Mega Auction ඉදිරිපත් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගේ ලැයිස්තුව පහතින්

භානුක රාජපක්ෂ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

කුසල් පෙරේරා – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

කුසල් මෙන්ඩිස් – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

නිරෝෂන් දික්වැල්ල – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

මතිෂ පතිරණ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 20

චරිත් අසලංක – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

අකිල ධනංජය – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

පැතුම් නිශ්ශංක – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

චාමික කරුණාරත්න – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

දසුන් ශානක – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

කෙවින් කොත්තිගොඩ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 20

තිසර පෙරේරා – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

ලහිරු කුමාර – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

ඉසුරු උදාන – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

නුවන් තුෂාර – ඉන්දීයානු රුපියල් ලක්ෂ 20

ධනුෂ්ක ගුණතිලක – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

සීක්කුගේ ප්‍රසන්න – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

ධනංජය ලක්ෂාන් – ඉන්දීයානු රුපියල් ලක්ෂ 50

දුනිත් වෙල්ලාලගේ – ඉන්දීයානු රුපියල් ලක්ෂ 20

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7