Cricket NewsEXCLUSIVEInternational

පලමු ටෙස්ට් තරගයෙන් පැතුම් එලියට – ඕෂධ ඇතුලට

වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා නොකරනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔහුගේ ආදේශක පිතිකරුවෙක් ලෙස ඕෂධ ප්‍රනාන්දු කැඳවා ඇති බව සඳහන්වේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත තරගාවලියේ ලබන 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් ඊයේ (26) ගාල්ලේදී සිය පුහුණුවීම් ආරම්භ කළේය.

කෙසේවෙතත් ඊට පැතුම් නිස්සංක එක්ව සිටියේ නැත.

එමෙන්ම මීට පෙර සුළු ආබාධවලට ලක්ව සිටි කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පුහුණුවීම්වල නිතර වූ ආකාරය දැකගත හැකි විය.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා දෙරට අතර පැවැත්වෙන පළමු තරගය සඳහා ක්‍රීඩා කරනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button