Cricket NewsEXCLUSIVE

2014 ලෝක කුසලාන ජයග්‍රහණය කරා ශ්‍රී ලංකාවට මෙහෙයවූ පෝල් ෆාබ්‍රේස් යළිත් ප්‍රධාන පුහුණුකරු ධුරයට.!

නිමාව දුටු කොදෙව් තරඟ සංචාරයෙන් අනතුරුව සිය ගිවිසුම් ගත ධුර කාලය නිමාවීමත් සමඟ හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් ඉවත් වුවා.

ඒ සමග ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳව දැඩි කතා බහක් නිර්මාණය වුයේ නිරායාසයෙනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් දෙසැම්බරයේදී ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා අයදුම්පත් කැඳවා තිබුණි.

ඒ පිළිබඳව අවසන් තීරණය තවමත් ප්‍රකාශ කර නොමැති අතර නිමාව දුටු සිම්බාබ්වේ සංචාරයේදී ද වැඩ බලන පුහුණුකරුවකු යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේය.

කෙසේ නමුත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග අප වෙත සඳහන් කරන පරිදි එංගලන්ත හිටපු කඩුලු රකින ක්‍රීඩක පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කාලයකට පත්වීමට සූදානමින් සිටින බව සඳහන්.

ලබන මාර්තු මාසයේ අගභාගයේදී ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය තුලදී පෝල් ෆ්‍රාබේස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙස වැඩ බාර ගැනීමට නියමිතය.ඒ තවත් වසර දෙකක් සඳහාය.

කෙසේ නමුත් වසර ගණනාවක සිට පුහුණු කරුවකු ලෙස හසල අත්දැකීම් සම්භාරයකට උරුමක් කියන මොහු යටතේ කෙටි කාල සීමාවක් තුල කණ්ඩායම් රැසක් දක්ශතා අරට පිවිසීමට සමත් විය.

ඒ අතර කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම ඉදීරියෙන්ම සිටින අතර ෆාබ්‍රේස් අවසන් වරට 2014 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු යටතේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ලෝක ශූරයන් බවට පත් විය.

කෙසේ නමුත් එම ජයග්‍රහණයෙන් අනතුරුව වහාම ඔහු රැකියාවෙන් ඉවත් වී එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ට්‍රෙවර් බේලිස්ගේ සහකාර පුහුණුකරු ලෙස සම්බන්ධ විය.

ෆාබ්‍රේස් ඉවත්ව ගිය ආකාරය බොහෝ දෙනා නොසතුටට පත් කළ කරුණක් වූ අතර එය පසුපස තිබුණු හේතුවද කිසිවිටකත් සඳහන් නොවුණි.

නව පුහුණුකරු හා පන්දු රැකීමේ පුහුණුකරු හැර අනෙකුත් සෙසු කාර්යමණ්ඩලයේ සියලුම සාමාජිකයන් ශ්‍රී ලාංකිකයන් වන අතර හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් ද ෆාබ්‍රේස්ගේ සහයට ජාතික කණ්ඩායමට එක්වනු ඇත.

නවාස් දැනට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයේ සිටින අතර ඔහු මේ වසර අවසානය දක්වා ගිවිසුම් ගත වුවද, ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ ඔහුට කලින් නිදහස් කිරීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7