Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත විස්සයි-20 තරඟාවලිය වෙනුවෙන් ප්‍රභල ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ – වෝනර් සහ මාෂ් ඉවතට.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් එළඹෙන පෙබරවාරි 11ස් වනදා දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

මෙම තරඟ 5න් තරග 4ක් රාත්‍රී තරඟ ලෙසටත් පස්වන සහ තරගාවලියේ අවසන් විස්සයි-20 තරඟය දිවා තරඟයක් ලෙසටත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ඔස්ට්‍රේලියානු තරග සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වී ඇත්තේ මෙම වසරේ පැවැත්වෙන 2022 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පැවැත්වීම හේතුවෙනුත් එම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සිදු කරන එකම තරග සංචාරය මෙම තරගාවලිය වීමත් හේතුවෙනි.

එමෙන්ම මේ වන විට විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙස කිරුළු පැළද සිටින්නේද ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.මේ අතර ‍ශ්‍රි ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු සංචිතය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Aaron Finch හටහිමිව තිබෙන අතර ඕස්ට්‍රේලියානු සංචිතයට ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුව ම කැඳවා තිබීමද විශේෂත්වයක් වනවා.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෙස සැලකෙන David Warner සහ Mitchell Marsh ශ්‍රී ලංකාව සමග තරඟාවලියෙන් විවේක ගැන්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්,

Aaron Finch (capt), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Ben McDermott, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7