Cricket NewsEXCLUSIVE

“අපේ ක්‍රිඩාංගන සේවක මහත්වරුන්ටත් තියෙනවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවන්න තියෙන උවමනාව, පසුගිය තරඟයේ වැඩි ගෞරවය ඔවුන්ටයි” – දිනේෂ් චන්දිමාල්

ලෝක ටෙස්ට් ශූරතාවලිය ට අදාලව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරඟය ලකුණු 187ක් ඉන් ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එහිදී තරගයට වර්ෂාවෙන් විටින් විට බාධා ඇතිවූ අතර වර්ෂාව පතිත වනවාත් සමගම ‍ක්‍රියාත්මක වන ක්‍රිඩාංගන සේවකයින් වහා ක්‍රියාත්මක වී මුළු ක්‍රීඩාංගනය ම ආවරණය කරන ආකාරය ද ගැනීමට හැකියාව ලැබුණා.

වර්ශාවෙන් කෙතරම් බාධා ඇතිවුවාද කියනවානම් ශ්‍රී ලංකාව තරඟය ජය ගෙන විනාඩි කිහියපයක් යන්නටත් මත්තෙන් නැවතත් වර්ශාව ඇද හැලුණා.

ක්‍රිඩාංගන සේවකයින්ගෙ එම අපරිමිත කැපවීමට ප්‍රශංසා හිමිවිය යුත්තේ ඒ නිසාවෙනි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩාංගන කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතියක් ද පුද කර සිටියා.

චන්දිමාල් එම මාධ්‍ය හමුවේ දී මෙලෙස ප්‍රකාශ කර සිටියා

“අපේ ශ්‍රී ලංකාවේ වගේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකක් මම කවදාවත්ම කිසිම ග්‍රවුන්ඩ් එකක දැකලා නෑ. ඒ අයටත් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්න ඕනි උවනාව.

ඒක අති විශිෂ්ඨයි. අපේ ග්‍රවුන්ඩ් වල වැඩ කරන සේවක මහතුන් ලෝකේ අනික් රටවල් එක්ක බලපුවාම ඉතාමත් හොදයි. පහුගිය තරගයේ වැඩිපුර ගෞරවයක් ඒ අයට යන්න ඕනී.

ඒ අයගේ මහන්සිය නිසා තමයි අපට තරගය ජයග්‍රහණය කරන්න පුලුවන් වුණේ. තව පන්දුවාරයක් ගියා නම් අපට තරගය ජයග්‍රහණය කරන්න වෙන්නේ නෑ. මොකද එතනින් පස්සේ හවස 5:30 වෙනකන් එකදිගටම වර්ෂාව පතිත වුණා.”

දිනේෂ් චන්දිමාල් සහබාගි වූ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button