Cricket NewsEXCLUSIVE
“ලංකාවේ මිනිස්සු මට ආදරෙයි, මට ඕන ඒ හැම කෙනාවම සතුටු කරන්න” – බාබර් අසාම් තම ශ්‍රි ලාංකික රසිකයන් ගැන කියූ කතාව.!

මෙවර LPL තරඟාවලිය වෙත පැමිණි ප්රමුඛ පෙලේ විදෙස් ක්‍රීඩකයින් අතර පකිස්තානු නායක බාබර්ට හිමි වන්නේ විශාල තැනක්.මෙවර LPL තරගාවලියේ ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන බාබර් අසාම් මෙවර තරගාවලියේ දී ඔහුට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුණු සත්කාරය පිළිබඳව සඳහන් කළේ මෙවැන්නක්.
“මම මේක බලාපොරොත්තු වුණේ නැහැ, නමුත් මට ශ්‍රී ලාංකීය රසිකයන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ටෙස්ට් තරගවලදීත් ඔවුන් ගොඩක් ආදරය කළා. මට ඕන මෙතන ඉන්න හැම රසිකයෙක්ම තෘප්තිමත් කරන්න, සෙල්ෆි ගහලා එයාලව සතුටු කරන්න.සමහර විට මට එය කළ නොහැකි නමුත් මම උත්සාහ කරනවා”
එමෙන්ම තවදුරටත් අදහස් දැක්වූ බව බාබර් කියා සිටියේ LPL තරගාවලියට පෙර ඔවුන් මෙහිදී සහභාගිවූ ටෙස්ට් තරඟාවලියේ දීද ශ්‍රීලංකා ක්‍රීඩාලෝලීන්ගේ සත්කාර සත්කාරය ඉතා ඉහළ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1