Cricket NewsEXCLUSIVE

LPL පිටියේ දැක්වූ සුපිරි දස්කම් හේතුවෙන් ප්‍රභල ඉන්දියාවට එරෙහිව ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගත් විශිෂ්ටයින්.!

තෙවැනි වරටත් Jaffna Kings කණ්ඩායමට ශුරතාවය හිමි කර දෙමින් පසුගිය දා නිමාවට පත් වුණු LPL ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හටම එළැඹෙන ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ අනුව අබාදයකට ලක්ව LPL තරඟාවලියෙන් නැවතත් ක්‍රිකට් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සහ තරඟාවලියේ වීරයා සදීර සමරවික්‍රම ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත්ව සිටිනවා.

ඉන්දියාවට එරෙහිව විස්සයි-20 තරග අංශයේ උප නායකයා ලෙස පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර ලෝකයේ අංක එක ස්ථානයට පත්ව සිටින සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගද එක්දින තරඟ සඳහා කඩුලු රකින දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් පත් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

සධීර සහ අවිශ්කට අමතරව ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබූ නුවනිදු ප්‍රනාන්දුද මෙම අවස්ථාව උරුම කර ගැනීමට ප්‍රධාන හේතුවවී ඇත්තේ නිමාවට පත් වුණු LPL තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙනි.

එමෙන්ම පසුගිය ඇෆ්ගනිස්තාන තරඟාවලියේ දී ජාතික කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වූ චාමික කරුණාරත්න ද LPL පිටියේ දැක්වූ දස්කම් අනුව නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ.

තරග 10 ක් තුළදී ලකුණු 339ක් ලබා ගත් අවිශ්ක මෙවර LPL තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සම්මානයට පාත්‍ර වූ අතර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් සදීර ලකුනු 294 ක් රැස් කරමින් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන ලබා ගත්තා. ඔවුන් දෙපළට අමතරව තරග 9කට ක්‍රීඩා කළ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 211ක් ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර නුවනිදු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ සංචාරය සඳහා එක් කරගෙන ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග සඳහා පමණි.

ඉන්දීය තරග සංචාරය සදහා සහභාගි වන නිළ ශ්‍රි ලංකා විස්සයි-20 සංචිතය පහතින්,

දසුන් ශානක (C)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
බානුක රාජපක්ෂ
අශේන් බණ්ඩාර
සදීර සමරවික්‍රම
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන්
දිල්ෂාන් මදුසංක
නුවන් තුෂාර
චාමික කරුණාරත්න
අවිශ්ක ප්‍රනාන්දු

ඉන්දීය තරග සංචාරය සදහා සහභාගි වන නිළ ශ්‍රි ලංකා එක්දින සංචිතය පහතින්,

දසුන් ශානක (C)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
අශේන් බණ්ඩාර
නුවනිදු ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම (WK)
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
ජෙෆ්රී වැන්ඩර්සේ
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන්
දිල්ෂාන් මදුසංක
චාමික කරුණාරත්න
අවිශ්ක ප්‍රනාන්දු

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button