Cricket NewsEXCLUSIVEInternational

නැවතත් සුපුරුදු රිද්මයට පැමිණි නවසිලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන් විශිෂ්ට ශතකයක් සමගින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අළුත් කරයි.!

පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ තෙවැනි දිනය වූ අද දිනයට තරඟය නතර කරන විට තරඟයේ ග්‍රහණය තමන් සතු කර ගැනීමට නවසීලන්තය සමත් ව සිටිනවා. ඒ නවසිලන්ත මුල් පෙළ පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙනි.

ආරම්භක පිතිකරු Tom Latham ලකුණු 113ක් රැස් කල අතර ඊට අනගි සහයක් දුන් Devon Conway ලකුණු 92ක් රැස් කළා. අනතුරුව පිටියට පිවිසි නවසිලන්ත හිටපු නායක කේන් විලියම්සන් මේ වන විට ලකුණු 105ක් ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටින අතර කේන් විලියම්සන්ගේ මෙම විශිෂ්ට ශතකය සුවිශේෂී වන්නේ මෙම ශතකයත් සමග ඔහු ටෙස්ට් වරම් හිමි රටවල් දහයක ක්‍රීඩාංගන තුල ශතක රැස් කිරීමට සමත් වීමයි.

ක්‍රිකට් ලෝකයේ මෙවැනි දස්කමක් දැක්වූ ආසියානු නොවන එකම පිතිකරුවා වන්නේ ද කේන් විලියම්සන්.

මීට පෙර මෙවැනි දස්කමක් දක්වමින් ටෙස්ට් රටවල් දහයකට ගිහින් ශතක ගහපු ක්‍රීඩකයන් ඉන්නේ අතලොස්සක් විතරයි. ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුම සිටිනවා.

ඒ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඊට අමතරව යූනිස් ඛාන්, රාහුල් ඩ්‍රාවිඩ් සහ මොහොමඩ් යූසුෆ් යන ක්‍රීඩකයින් එම දස්කම දක්වලා තියෙනවා.

මෙම විශිෂ්ට ශතකයත් සමග කේන් විලියම්සන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට අලුතින් එක් වුයේ ටෙස්ට් රටවල් දහයකට ගිහින් ශතක ගහපු එකම ආසියානු නොවන පිතිකරුවා විදිහටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7