Cricket NewsEXCLUSIVE

“ඉන්දියාවේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම එක්දින ලෝක කුසලානයට හොද සූදානමක්, අපේ දවසේදී අපිට ඉන්දියාව පරාජයට කරන්න පුළුවන් කියලා විශ්වාසයි.” – නායක දසුන් ශානක

මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙර ඉන්දියාව සමඟ එක්දින හා විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීමට හැකිවීම ක්‍රීඩකයන්ට ලැබී ඇති හොද අවස්ථාවක් බව ශ්‍රී ලංකා විස්සයි-20 සහ එක්දින ක්‍රිකට් නායක දසුන් ශානක පවසා සිටිනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි-20 තරගාවලිය අද රාත්‍රියේ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ඊට සමගාමී ව පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා එසේ පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන් ශානක,

“එක්දින ලෝක කුසලානය ඉන්දියාවේ පැවැත්වීමට පෙර සත්කාරක ඉන්දියාව හමුවීමට ලැබීම ඉතාම වැදගත්. එය ලෝක කුසලානයට පෙර හොඳ සූදානමක් වනු ඇති බව මතක තබා ගනිමින් මෙම තරඟාවලියට අප පිවිසෙන්නේ. අපේ බොහෝ තරුණ ක්‍රීඩකයින් ඉන්දියාවේ ක්‍රීඩා කර නැති නිසා මෙවර ලෝක කුසලානය සිහියේ තබා ගනිමින් විස්සයි 20 හා එක්දින තරගාවලියට පිවිසීම වැදගත්. මෙහි පවතින තත්ත්වයන් සහ පිතිකරණයට වඩාත් උචිත තණතීරු ක්‍රීඩකයන්ට ඉතා වැදගත්. මොකද මෙහි තණතීරු අපට ඉතාම සමීපයි“ යැයි දසුන් ශානක පැවසුවා.

එමෙන්ම ඉන්දීය නායක රෝහිත් ෂර්මා නොමැතිව ඉන්දීය කණ්ඩායම විස්සයි 20 තරඟාවලියට පිවිසීම ගැන දසුන් ශානක මෙහිදී අදහස් දැක්වූ අතර, ප්‍රධාන ක්‍රීඩකයින් නොමැති වුවද ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීම සැමවිටම අභියෝගාත්මක බව ඔහු එහ්දී දන්දහන් කළා.

“නිමාවූ ලෝක කුසලානයේ දී අපට හොඳින් දස්කම් දැක්වීමට ඉඩක් ලැබුණේ නෑ. ඒ නිසා නව වසරේ ආරම්භක තරඟාවලියේ හොඳින් දස්කම් දැක්වීමට සියලු ක්‍රීඩකයන් පියවර ගත යුතුයි. ඉන්දීය කණ්ඩායම සැමවිටම හොඳ කණ්ඩායමක්. ඔවුන්ට එරෙහිව ජයග්‍රහණය කිරීමට නම් ප්‍රතිවාදී කණ්ඩායම සෑම අංශයකින්ම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය. ඔවුන්ට එරෙහිව ඉන්දියාවේදී ජය ගැනීම අභියෝගයක්. නමුත් අපට ඉතා විශිෂ්ට කණ්ඩායමක් සිටින නිසා හොඳ ක්‍රීඩාවක් බලාපොරොත්තු විය හැකියි ”ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසා සිටියා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය අද වන්කඩේ ක්‍රීඩාංගණයේදී, දෙවැන්න 5වැනිදා රාජ්කොට් හිදී හා අවසන් විස්සයි 20 තරගය 7වැනිදා රාජ්කොට් හිදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button