Cricket NewsEXCLUSIVE

Sanju Samsonට ඕනම ස්ථානයක පිතිකරණයේ යෙදෙන්න පුළුවන්, ඔහුට ශක්තිය තියෙනවා, ඔහුට හොඳ පිතිකරණ ස්වභාවයක් තියෙනවා – හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි-20 තරඟය අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිත අතර මෙහිදී IPL තරඟාවලියේ කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධූරය දරන Rajasthan Royals කණ්ඩායමේ නායක Sanju samson ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිතයට ඇතුලත්ව සිටිනවා. ඒ සම්බන්දයෙක් ඉන්දීය Star Sports සමග පැවති මාධ්‍ය සාකච්චාවකදී කුමාර් සංගක්කාර මෙම ඉන්දීය කඩුලු රකින පිතිකරුවා පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

පසුගිය දා නිමා වූ නවසීලන්ත සංචාරයේ එක්දින තරග සඳහා Samson තෝරා ගත්ත ද, ඉන්පසුව පැවති බංග්ලාදේශ සංචාරය සඳහා ඔහුව තෝරා නොගැනුනු අතර නැවතත් Hardik Pandyaගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසීමට නියමිත ඉන්දීය විස්සයි විස්ස සංචිතයට එක් වීමට Samson සමත් වුවා.

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පවසා සිටින්නේ Samsonට වඩාත් සුදුසු පිතිකරණ ස්ථානය අංක 4 බවයි. ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ සංගා,

“විස්සයි විස්ස තරගවල පන්දුවාර හතක් පමණ අවසන් වුන පසුව පිටියට පිවිසෙන අංක හතර පිතිකරණ ස්ථානය තමයි ඔහුට වඩාත් ම ගැළපෙන්නේ.

ඔහුට ඕනම ස්ථානයක පිතිකරණයේ යෙදෙන්න පුළුවන්. නමුත් ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ඔහු නියමිත තැන නෙවෙයි ක්‍රීඩා කරන්නේ.ඔහුට ශක්තිය තියෙනවා, ඔහුට හොඳ පිතිකරණ ස්වභාවයක් තියෙනවා, හොඳ ඔළුවක් තියනවා, ඒ වගේම ඔහු දන්නවා අසීරු අවස්ථාවන් හසුරුවා ගන්න අවශ්‍ය කොහොමද කියලත්. ඔබට ඔහුව ඕනම ස්ථානයක තියන්න පුළුවන්, ඒ වගේම ඔහු ඒ ඕනම තැනක හොඳින් ක්‍රීඩා කරාවි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button