Cricket NewsEXCLUSIVE

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්‍ට්‍රේලියාවට – ට්‍රැවිස් හෙඩ් හා ස්ටීව් ස්මිත් වාර්ථාගත සබඳතාවයක !

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟය අද එංගලන්තයේ ඕවල් හිදී ආරම්භ වූ අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟයේ පළමු දිනය නිමා වන විට පසුවන්නේ ගෞරවාන්විත ලකුණු මට්ටමක් කරා ලඟා වෙමින්.

පළමු දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු තුනක් දැවී ලකුණු 327 ක් ලෙසටයි.කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කරන ට්‍රැවිස් හෙඩ් ලකුණු 146 ක් හා ස්ටීව් ස්මිත් ලකුණු 95 ක් රැස් කරගෙන සිටී.

පළමු දිනයේ සමස්ත ගෞරවය ඔස්ට්‍රේලියානු පිතිකරුවන් දිනාගනිද්දී වාර්ථාගත සබඳතාවයක නියැලෙන්නට හිටපු නායක ස්ටීව් ස්මිත් හා ට්‍රැවිස් හෙඩ් සමත් ව තිබේ.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයක පිතිකරුවන් යුගලක් ගොඩනැඟූ ඉහළම සබඳතාවයට හිමිකම් කියන්නට ස්මිත්-හෙඩ් සුසංයෝගය සමත් වෙද්දී ඔස්ට්‍රේලියානු ඉනිමේ සිව්වැනි කඩුල්ලට ඔවුන් දෙදෙනා අතර නොබිඳුණු ලකුනු 254 ක සබඳතාවයක් ගොඩනැගී තිබේ.

තරඟයේ තීරණාත්මක දෙවැනි දිනය හෙටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7