Cricket NewsEXCLUSIVE

අප්‍රේල් මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයාට පිරිනැමෙන ICC Player Of Month සම්මානය සඳහා ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා.

ඒ ICC විශේෂ විනිසුරු මඩුල්ලකගේ සහ ක්‍රිකට් රසිකයන් ලබා දෙන Online Votes මගිනි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලිය විසින් පිරිණැමෙන මෙම ICC Player of the Month අප්‍රේල් මාසය සඳහා වන Iක්‍රීඩක සම්මානය සඳහා නිර්දේශිත නාම අද ICC ය විසින් එලි දක්වනු ලැබුවා. ඒ අතරට පිතිකරුවන් දෙදෙනෙකු හා පන්දු යවන්නෙකුගේ නම් ඇතුලත් වන අතර ආසියානු ක්‍රීඩකයින් දෙදෙනෙකුගේම නම් ඒ අතර තිබීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියද අප්‍රේල් මාසය සඳහා නිර්දේශිත නම් තුන අතරට එක්ව තිබෙන අතර ඔහුට අමතරව පකිස්තාන නවසීලන්ත තරඟාවලියේදී සුපිරි දස්කම් දැක්වූ නවසීලන්තයේ මාක් චැප්මන් හා ෆකාර් සමාන්ගේ නම්ද ඇතුලත්.

අවසන් වරට මේ සඳහා නිර්දේශිත නාම අතරට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ ඇන්ජලෝ මැතිව්ස් ඔහු එම මාසයේදී ICC ක්‍රීඩකයාට හිමි සම්මානයටද හිමිකම් කීම විශේෂත්වයක්.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
3
+1
2
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7