Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් තරග පාවාදීම්, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම, නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් ගැන අහන්න ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරැදි පොලිස් ඒකකයට ගෙන්නයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකිරීමට ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය ඊයේ (16) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා (14) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ 2019 අංක 24 දරණ ක්‍රීඩාවට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනතට ගැනෙන තරග පාවාදීම්, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම, නීති විරෝධී ඔට්ටු ඇල්ලීම යන කාරණාවලට අදාළ තොරතුරු පිළිබඳ ඔහු දැනුවත් වී සිටින බවට ප්‍රකාශ කර තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් පනතට ප්‍රකාරව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා දැනුම් දුන් බවයි.

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඔහු විසින් සිදු කරන ලද අදාළ ප්‍රකාශයන් තුළින් බරපතළ තත්ත්වයන් නිර්මාණය වෙමින් ඒ පිළිබඳව විශාල සමාජ කතිකාවක්ද ඇති වෙමින් තිබෙන බැවින් තමන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සිටීමට පෙළඹ වූ බවත් ක්‍රීඩා ඇමැතිවරයාගේ අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පසුගිය අඟහරුවාදා (14) දීර්ඝව කරුණු දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය බහුවිධ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක ප්‍රතිඵලයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button