Cricket KnowledgeCricket NewsEXCLUSIVEUncategorized

අවලාද අපවාද මැද කල්පයකට විකල්ප තනාදුන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ !

Pramodya Wickramasinghe at Airtel Sri Lanka's Fastest Bowler Launch Event - YouTube

පසුගිය වසරේ මැයි මාසයේදී කුසල් ජනිත් ගේ නයකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ එක්දින තරඟාවලි පරාජයක් අත්වින්දේ ඉතිහාසයේ පළමු වරටයි.මෙහිදී ප්‍රධාන වශයෙන්ම නව තේරීම් කම්ටු ප්‍රධානී වරයා වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වූ බව නොරසක්.

“අපි යම් අලුත්, නැවුම් දෙයක් කරන්න උත්සාහ කරද්දී අපි ලොකු විවේචන බලාපොරොත්තු වෙන්න ඕනේ. විශේෂයෙන් සමාජ මාධ්‍යවලින්. අපි මෙතනට ආවේ ඒක ගැන දැනගෙන. විවේචන කියන දේවල් අපිට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි.”

බංග්ලාදේශ තරඟාවලියෙන් පසුව ඔහු මාධ්‍ය හමුවේ තම තීරණ පිළිබඳව සෘජු අදහසකින් යුක්ත වූවා.

” මම මේ කරන දේවල් වල ප්‍රතිඵල ලැබෙන්න තව අවුරුදු දෙක තුනක් යයි. එතකල් මට බැනුම් අහන්නත් වෙයි. මේ කරපු දේවල් වල ප්‍රතිඵල ලැබෙන කාලයේ සිටින තේරිම් කමිටුව ප්‍රශංසා ලබා ගනියි. අද මට බැන්නට කමක් නැ. හෙට අපි ඔක්කෝම එකතු වෙලා ලංකාව දිනනවා බලලා සතුටු වෙන්න පුළුවන් නම්…”

ඔහු තම නව ප්‍රතිපත්ති තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුල නව ගමනක් ආරම්භ කරන්නට අඩිතාලම දැමුවා.ඉක්මන් ප්‍රතිඵල නොතිබීම හේතුවෙන් දිගින් දිගටම ප්‍රමෝද්‍ය හට එල්ල වූයේ විශාල විවේචනයන්.නමුත් අවසන් මාස 6 ක පමණ කාලය තුලදී ඔහුට හැකියාවක් ලැබුණා තම නව ප්‍රතිපත්ති තුල ශ්‍රී ලංකා කණ්ඩායමට නව ගමනාන්තයක් නිර්මාණය කරදෙන්නට.

එහි ආසන්නතම ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායම අද වන විට අත්විඳින බව නොරසක්.ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කිරුළු පලඳිද්දී එහි ගෞරවයෙන් වැඩි කොටසක් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව වෙතට යායුතුයි.

A team mate, a brother and a dear friend – The Island

ප්‍රමෝද්‍ය සතුවූ නව දැක්මෙහි ප්‍රතිඵල අත්විඳින්නට දැන් හැකියාව තිබෙනවා.”යොවුන් ක්‍රීඩකයින් හට පරාජය මතින් ඉගෙනීමට දීම හා ඒ තුලින් ජයග්‍රහණය සඳහා පාර කැපීම.”දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ගත් කල කණ්ඩායම වයස අවුරුදු 19-31 දක්වා ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් වනවා.මේ ක්‍රීඩකයින් බොහෝ කලක් දසුන් යටතේ ක්‍රීඩාකරමින් අත්දැකීම් වලින් එක් ඒකකයක් බවට පත්ව හමාරයි.කණ්ඩායම තුල තුල සිටින ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව දැන් හොඳමට්ටමක තිබීම හා යොවුන් ක්‍රීඩකයින් සතු ආත්ම විශ්වාසය ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර තිබෙන්නේ වෙනස්ම ආකරයක ජීවයක්.

ආසියානු කුසලානය ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තම ඉදිරිසැලසුම් හා කණ්ඩායම පිළිබඳව අදහස් දක්වා සිටියා
ආසියානු කුසලානයේ සැලසුම් සකස් කිරීමේදී මහේල ජයවර්ධන විශාල කාර්යභාරයක් ඉටු කල බව ඔහු කියා සිටියා.මහේල එළඹෙන ලෝක කුසලානයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත බවද ඔහු සඳහන් කලා.කඩුලු බිඳ වැටුණත් නිලකුණු පන්දු ප්‍රමාණය අඩු කරගෙන මොමෙන්ටම් එක තියාගැනීමේ සැලසුම සාර්ථක වූ බව ඔහු කියා සිටියා.පසුපෙල පිතිකරුවන් හට බංග්ලාදේශ තරඟය හමාර කිරීමට හැකි වූයේ ඒ නිසාවෙන් බව නොරසක් කුසල්ගේ හා නායක දසුන්ගේ සබඳතාවයේදී ඔවුන් ඒ බව පෙන්නුම් කරන්නට සමත් වූවා.

News Archives - Page 522 of 903 - NewsWire

ඉදිරි වසර 02 වසර 04 සහ වසර 10ක් වශයෙන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සැලසුම් මේ වන විටත් නිර්මාණය කර අවසන් වන අතර 30 හැවරිදි භානුක රාජපක්ෂ තවත් අවුරුදු පහක් ක්‍රීඩා කිරීමට ඔහුව සකසා අවසන් බවද ඔහු සඳහන් කලා.ප්‍රවේකාරී පිතිකරුවාගේ භූමිකාවේ සිට ප්‍රවේගකාරී ස්ථාවර විශ්වාසදායක පිතිකරුවාගේ භූමිකාව දක්වා ඔහු තම ක්‍රීඩාව වෙනත් මානයකට ගෙන එමින් තිබෙනවා.එමෙන්ම පෙරට වඩා ඔහුගේ ශරීර යෝග්‍යතාවද හොඳමට්ටමකට රැගෙන විත් ඇති බව ඔහු ආසියානු කුසලානයේදී පෙන්නුම් කලා.

“දැනට අපේ ක්‍රීඩකයින් වැඩ පෙන්නුවේ 30% ක් විතරයි.මේ ටීම් එකම දිගටම සෙල්ලම් කරොත් නව අවුරුද්දක් දෙකක් යද්දී 100% ටම එන්න පුළුවන්. 8 නව අවුරුද්දක් යද්දී ලෝකේ කිසිම රටකට අපිව පරද්දන්න බෑ.ඉදිරි ලෝක කුසලානයට මහේලන් ටීම් එකත් එක්ක යනවා. එකෙ සැලසුම් හදන්නේ මහේලයි, හෙඩ් කෝවුයි, අපේ පරිගණක විශ්ලේෂක නිලදාරියයි එක්වෙලා. දැන් කණ්ඩායමේ ලොකු පොඩි භේදයක් නෑ හැමෝම එකතුවෙලා වැඩ කරනවා. එයාලා හැමෝටම කාර්යභාරයක් පවරලා තියෙනවා ඉටුකරන්න”

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7