Cricket NewsEXCLUSIVEInternational

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ වැඩිම ශතක රැස් කිරීමේ වාර්තාව සම කිරීමට ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ වැඩිම ශතක රැස් කිරීමේ වාර්තාව සම කිරීමට ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් ඊයේ සමත් විය.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ පැවති දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේදී මැක්ස්වෙල් සිය 5 වැනි විස්සයි20 ශතකය රැස් කළ අතර, ඒ සමඟ ඔහු විස්සයි20 ජාත්‍යන්තර පිටියේ වැඩිම ශතක රැස් කළ ඉන්දියාවේ රෝහිත් ශර්මා සමඟ සම විය.

ඇඩිලේඩ්හිදී පැවති මේ තරගයේදී මැක්ස්වෙල් නොදැවී ලකුණු 120ක් රැස් කළේ පන්දු 55කිනි. හතරේ පහර 12කින් සහ හයේ පහර 8කින් ඔහු ඉනිම වර්ණවත් කර ගත්තේය. මැක්ස්වෙල්ගේ මේ ඉනිම හේතුවෙන් කොදෙව්වන් සමඟ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 34කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

මේ ජය සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ ජය 2-0ක් ලෙස තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 241ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 207ක් පමණි.

නායක රොව්මන් පවෙල් පන්දු 36කින් ලකුණු 63ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. පන්දු යැවීමේදී මාකස් ස්ටොයිනිස් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ජොෂ් හේස්ල්වුඩ් සහ ස්පෙන්සර් ජොන්සන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඔස්ට්‍රේලියානු ඉනිමේදී මැක්ස්වෙල් සිව්වැනි කඩුල්ලට මාකස් ස්ටොයිනිස් (16) සමඟින් ලකුණු 82ක් සහ ටිම් ඩේවිඩ් සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 39කින් නොබිඳුණු ලකුණු 95ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය. ඩේවිඩ් පන්දු 14කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 31කි. පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් කඩුලු 2ක් දවා ගත්තේය.

දෙපිල අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය හෙට (13) පර්ත්හිදී පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button