Cricket NewsEXCLUSIVE

“ප්‍රවීන් ජයවික්‍රම කියන්නේ ශ්‍රී ලංකාවට ධනාත්මක කරුණක්, ඔහුගේ ඉදිරි ගමන දෙස මම බලා සිටිනවා.” – හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රැඩ් හොග්

2-0ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ඉන්දීය කණ්ඩායමට හිමි කරමින් අදින් අවසන් වූ ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරංගාවලියේ දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හොඳින් පන්දු යවන ආකාරයක් දක්නට ලැබුණි.

තරමක හොඳ පාලනයක් හා එල්ලයක් ද එය තුල අන්තර්ගත වන්නට තිබුණි.

කෙසේ නමුත් ප්‍රවීන්ගේ පන්දු යැවීම තුල ඔහු භාවිතයට ගන්නා සංකලනයන් හා උපක්‍රමයන් සාර්ථක ප්‍රතිඵල අත්කරදෙන්නට සමත් විය.

දෙවන තරඟයේදී කැපීපෙනෙන දස්කම් දක්වමින් ජයවික්‍රම කඩුලු 7 ක් සමස්ත තරඟය පුරාවටම බිඳ දැමීය.

යම් හෙයකින් ජයවික්‍රම තරමක පාලනයක් ඒතුලට ගෙන එන්නට සමත් වී නම් ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබුණි.ඊට හේතුව ඔහු සතුව ඇති අත්දැකීම් අවම වීම විය හැක.

ප්‍රවීන්ගේ පන්දු යැවීම පිළිබඳව හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රැඩ් හොග් කියා සිටියේ ප්‍රවීන්ගේ පන්දුයැවීම ශ්‍රී ලංකා කණ්ඩායමට ධනාත්මක කරුණක් බවය.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තැබූ ඔහු කියා සිටියේ “ශ්‍රී ලංකාවට ගැටලු ඇති නමුත් එක් ධනාත්මක කරුණක් වන්නේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම යි.ඔහු තවමත් තරුණයි.ඔහු සතුව හොඳ විවිධත්වයක් තිබෙනවා.ඔහුගේ ඉදිරි ගමන දෙස මම බලා සිටිනවා.” යනුවෙනි.

එම ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button