Cricket NewsEXCLUSIVEMatch Review

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දෙවන ටෙස්ට් තරඟයෙනුත් ලකුණු 238ක දැවැන්ත පරාජයක්.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 238කින් ජයග්‍රහණය කරමින් තරගාවලියම ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

මෙම ටෙස්ට් තරඟයත් දින තුනකින් අවසන් වීම විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඉන්දීය ප්‍රථම ඉනිම ලකුණු 251කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී Shreyas Iyer ලකුණු 92ක් රැස් කළ අතර Rishad Pant ලකුණු 39ක් රැස් කළා. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

අනතුරුව සිය ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 109 ක් පමණයි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43 ක් රැස් කිරීමට සමත් වූනා.

විශිෂ්ට පන්දුයැවීමක නිරත Jasprit Bumrah කඩුලු 5ක් බිඳ හෙලුවා.Mohommad Shami කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ඒ අනුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 303ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නැවතත්.ක්‍රියාත්මක වූ Shreyas Iyer ලකුණු 67ක් රැස් කිරීමට සමත් වුනා. Rishad Pant ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4ක් සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 484 දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 208 කට සීමා කිරීමට ප්‍රබල ඉන්දීය පන්දු බලඇණිය සමත් වුණා.

සිය ක්‍රීඩකයින් එකා පිට එකා දැවි යද්දි එක් අන්තයක තනි වූ දිමුත් කරුණාරත්න විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේ ලකුණු 107 ක් රැස් කරමිනි.

කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කලා.

පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුළු 4ක් බිඳ හෙලූ අතර Jasprit Bumrah කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 238ක ජයග්‍රහණයක් සත්කාරක ඉන්දීය කණ්ඩායමට හිමි වුනා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම Shreyas Iyer වෙත හිමි වුනා.

ඉන්දියා පළමු ඉණිම (252 )

Shreyas Iyer 92 (98) Rishabh Pant 39 (26)’

Praveen Jayawickrama 3/81 (17.1) Lasith Embuldeniya 3/94 (24)

ශ්‍රී ලංකා පළමු ඉණිම (109 )

Angelo Mathews 43 (85) Niroshan Dickwella 21 (38)

Jasprit Bumrah 5/24 (10) Mohammed Shami 2/18 (6)

ඉන්දියා දෙවන ඉණිම (303/9)

Shreyas Iyer 67 (87) Rishabh Pant 50 (31)

Praveen Jayawickrama 4/78 (19) Lasith Embuldeniya 3/87 (20.5)

ශ්‍රී ලංකා දෙවන ඉණිම (208)

Dimuth Karunaratne 107 (174) Kusal Mendis 54 (60)

Ravichandran Ashwin 4/55 (19.3) Jasprit Bumrah 3/23 (9)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7