Cricket NewsEXCLUSIVE

ගැටුමකින් උණුසුම් වූ පාසල් ක්‍රිකට් පිටියේ, ශාන්ත සෙබස්තියන් පැරදු වේල්ස් කුමර විදුහලට ලකුනු 2කක තියුණු ජයක්.!

71 වැනි වරටත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර පැවති ‘රන් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති 36 වැනි එක්දින තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහලට අනූප බණ්ඩාර ප්‍රමුඛ වේල්ස් කුමර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 36.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණයි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අනූප බණ්ඩාර ලකුණු 33 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වු අතර පසිඳු පැතුම් ලකුණු 36 කට කඩුලු 3 ක්ද, රිවිත් ජයසූරිය ලකුණු 14 කට කඩුලු 2 ක්ද දවා ගැනීමට සමත් වුනා.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් නායක සුඛිත ප්‍රසන්න පන්දු පන්දු 77 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 49 ක් ලබාගත්තද ශාන්ත සෙබස්තියන් විදුහල ජයග්‍රහණය කරා ගෙන යෑමට එය ප්‍රමාණවත් වුයේ නැහැ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහලට ඕවර 46.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි.

ත්‍රිෂාන් පෙරේරා ලකුණු 40 කට කඩුලු 3 ක්ද, කලන සංදීප් ලකුණු 31 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් වේල්ස් කුමර ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පෙරමුණ ගත්හ.

ආරම්භක පිතිකරු තරිඳු අමරසිංහ පන්දු 69 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද, සුමල්ක ප්‍රනාන්දු පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 41 ක්ද රැස්කරමින් වේල්ස් කුමර ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත් වුනා.

මෙම ජයත් සමග මෙතෙක් පැවැති තරග 36 න් 16 ක් ජයගැනීමට වේල්ස් කුමර විදුහල සමත්ව තිබෙන අතර ශාන්ත සෙබස්තියන් විදුහල ජයගෙන ඇති තරග සංඛ්‍යාව 17 කි.

එක් තරගයක් ලකුණු සම වීමෙන් නිමාවට පත්ව ඇති අතර තරග දෙකක් අත්හැර දැමීමට සිදුව තිබේ.

වේල්ස් කුමර විදුහලේ අනූප බණ්ඩාර හට තරගයේ වීරයා ලෙස සම්මාන හිමි වුනා.

මේ අතර තරඟයේ උණුසුම් බව වැඩි වේල්ස් කුමර විදුහලේ නිලුප විසින් යොමු කරන ලද කරමින් 33 වන පන්දු වාරයේ 4වන පන්දුවේදී ශාන්ත සෙබස්තියන් විදුහලේ කලණ දැවී යාමත් සමග උණුසුම්කාරී තත්වයක් හටගත්තා.

එම සිදු වීම පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button