Cricket NewsEXCLUSIVEIPLMatch Review

සංගාගේ Rajasthan Royals පරාජය කරමින්, IPL තරඟාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත් වූ Gujarat Titans ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 24වන තරගය ලෙස Gujarat Titans සහ Rajasthan Royals කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 42ක ජයග්‍රහණයක් හිමි කරගනිමින් මෙවර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට මෙවර තරඟාවලියට අලුතින්ම එක් වූ Gujarat Titans කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනු Rajasthan Royals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Gujarat Titan කණ්ඩායමට ආරාධනා කර සිටියා ඒ අනුව පිටියට පිවිසි Gujarat Titan පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 192ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

කෙසේ නමුත් ලකුණු 15කට කඩුලු 2ක් බිඳ වැටි Gujarat Titan කණ්ඩායම දැඩි පිඩනයක සිටි අවස්ථාවක පිටියට පිවිසි Gujarat Titan නායක Hardik Pandya සුපිරි පිතිකරණයක් දියත් කරමින් බිඳ වැටුණු මුල් පෙළ ශක්තිමත් කිරීමට සමත් වූ අතර ඉන් නොනැවතී දැවැන්ත ලකුණු පුවරුවක් කරා Gujarat Titan ඉනිම ගෙන යාමටද ඔහු කටයුතු කළා.

Hardik Pandya පන්දු 52ක් තුල ලකුණු 87ක් වාර්තා කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුලත් වුනා. Abhinav Manohar ලකුණු 43ක් රැස් කළ අතර David Miller ලකුණු 31ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kuldeep Sen, Yuzvendra Chahal සහ Riyan Parag එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 193ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 155ක් පමණයි

Rajasthan Royals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jos Buttler පන්දු 24ක් තුල වෙගවත් ලකුණු 54ක් රැස් කල අතර Shimron Hetmyer ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේදී Yash Dayal සහ Lockie Ferguson කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7