Cricket NewsEXCLUSIVEIPLMatch Review

භානුක රාජපක්ෂගේ Punjab Kings හි අවසන් වටයේ බලාපොරොත්තු තව දුරටත් දුරස් කරමින් Rajasthan Royals හමුවේ කඩුලු 6ක පරාජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 52වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සමග Rajasthan Royals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා .

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස Punjab Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එහිදී Punjab Kings කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 18ක් තුල ලකුණු 27ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර දෙකක් එල්ල කරමිනි.

Punjab Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Jonny Bairstow පන්දු 46කදී ලකුණු 56ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හටහ්රේ පහර 8ක් ඇතුලත් වුනා.

Jitesh Sharma ලකුණු 38ක් රැස් කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 27ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Yuzvendra Chahal කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 190ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන් පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 190ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rajasthan Royals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Yashasvi Jaiswal පන්දු 41ක් තුල වෙගවත් ලකුණු 68ක් රැස් කල අතර Devdutt Padikkal ලකුණු 31ක් සහ Shimron Hetmyer ලකුණු 31 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Arshdeep Singh කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button